Gossip

කුලසේකරට වුණු සිද්ධිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන කතාව

cvr
ක‍්‍රිකට් ක‍්‍රීඩක නුවන් කුලසේකර මහතාගේ වාහනයේ ගැටීමෙන් කඩවත, රන්මුතුගලදී මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටිනවා.

විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී පාලනය කරගැනීමට නොහැකි වී නුවන් කුලසේකර මහතාගේ වාහනයේ ගැටී ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කරයි.

නුවන් කුලසේකර මහතා මහනුවර සිට කොළඹට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු නුවන් කුලසේකර මහතාව පසුව අධිකරණ ඇප මත මුදාහැරියේය.

ක්‍රිකට් ආයතනයේ නිවේදනය පහතින්.

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!