තරු හුට පට

එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී

3

එක් වරක් ආරෝපණය කිරීමෙන් දැනට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් මෝටර් රථය මෙන් තුන්ගුණයක දුරක් ධාවනය කළ හැකි නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් වෙළඳපොළට එක්වන බව නිසාන් සමාගම නිවේදනය කර සිටී.

එහි ඉලෙක්ට්‍රික් වාහන අංශයේ ප්‍රධානී Kazuo Yajima කියා සිටින්නේ මෙය එක් වරක් ආරෝපණය කිරීමකින් කිලෝ මීටර 200 ක් ධාවනය කළ හැකි බවයි.

මේ වන විට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය 24-kWh ක බැටරියකින් යුක්ත වන අතර එය එක්වරක් ආරෝපණය කිරීමෙන් ලබා ගත හැකි ධාවනය කිලෝමීටර 70-80 ක් පමණ වේ.

 

එහෙත් මෙම නව මීළඟ පරපුරේ නිසාන් ලීෆ් රථය 60-kWh බැටරියකින් සමන්විත වන නිසා ඊට කිලෝමීටර 200 ක දුරක් එක්වරක් සිදුකරන ආරෝපණයකින් ලබා ගත හැකි බව නිසාන් ඉලෙක්ට්‍රික් වාහන ප්‍රධානී Kazuo Yajima වැඩිදුරටත් සඳහන් කරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!