Gossip

නිදහස් කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය එළියට – නායකත්වයට නව සෙයාගැනීමක් – විස්තරේ මෙන්න

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ලබන 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය සංචිත නම් කළත් ශ්‍රී ලංකා සංචිතය නම් කරන්න ප්‍රමාද වුණා.
මුලින්ම කළේ 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීම.
එම 20 දෙනාගෙන් 15 දෙනෙක් තෝරගන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරලා තිබුණේ.
කෙසේ වෙතත් අවසන් 15 දෙනාගේ සංචිතය ඊයේ නම් කර තිබුණා.
සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවෙද්දී උපනායකත්වය ලබාදී තිබුණේ අලුත් සොයාගැනීමකටයි.
ඒ සුරංග ලක්මාල්ට.
ආබාධයකට ලක්වුණු කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායමට එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්..

දිනේෂ් චන්දිමාල් – නායක
උපුල් තරංග
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සුරංග ලක්මාල් – උප නායක
ඉසුරු උදාන
අකිල ධනංජය
අමිල අපොන්සු
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!