තරු හුට පට

ඒ කතාව බොරුවක් – නෙහාරා සත්‍යය හෙළිකරයි (Exclusive)

පසුගිය දින කිහිපය තුළ ලංකාවේ ජනප්‍රිය නිළියක වන නෙහාරා පීරිස් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාවක් සමාජ ගත වී තිබුණා.  ඒ   නෙහාරා පීරිස්ගේ වාහනය  පන්නිපිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වීම ගැනයි.

 

කොහොම වුණත්   මේ කතාවේ ඇත්ත නැත්ත සම්බන්බධයෙන් වගකීමක් ඇති සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස අප  සොයා බැලීමක් සිදු කළා.

පසුගිය දින කිහිපය පුරාම අප මේ සම්බන්ධයෙන් ඉතා ඕනෑකමකින් නිරීක්ෂය කළ අතර කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට කළ යුතු එක් කාරණයක් වුයේ  සිද්ධියට මුහුණ දුන් නෙහාරා පිරීස්ට කතා කර විමසීමක් සිදු කිරීමයි.

අපි නෙහාරාට කතා කරපු වෙලාවේ ඇය අපත් සමඟ කියා සිටියේ අදාළ   සිද්ධිය මීට සිව් අවුරුද්දක පෙර සිදුවුවක් බවයි.

මෙම සිදුවීම නැවත සමාජගත කිරීම එක්තරා ප්‍රසිද්ධ ම්‍රද්‍රිත පුවත්පතක්  මගින් සිදු කළ ඇති අතර එය එසේ කිරීමට හේතුව තමන් සමඟ ඇති පෞද්ගලික අමනාපකමක්  බව ඇය අප වෙත හෙළිදරව් කළාය.

මෙම සිදුවීම  මාධ්‍ය සදාචාරයක් නොමැති ඉතා පහත් මට්ටමේ ක්‍රියාවක් බවත්,  තමන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුවන  බවත්  ඇය   අප සමඟ කියා සිටියාය.

අදාළ පුවත්පත දිගින් දිගටම අසත්‍යය  තොරතුරු කලාකරුවන් ගැන ප්‍රචාරය කිරීම  සම්බන්ධයෙන් සමාජය තුළ විවේචනයක් එල්ල වී ඇති පසුබිමක මෙම සිද්ධිය කරළියට පැමිණ තිබුණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!