Gossip

“නාමල් රාජපක්ෂ තම මන්ත්‍රී වැටුප මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරයි” – බුකියේ අලුත්ම රැල්ලක් ඇරඹෙයි – Photos

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අප්‍රේල් මස තම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප මහරගම අපේක්ෂා පිළිකා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා.
මහරගම අපේක්ෂා පිළිකා රෝහල සදහා අත්‍යාවශ්‍යය රුපියල් බිලියයනකට අධික වෛද්‍යය උපකරණ මිලදී ගැනීම සදහා “Fightcancer” කණ්ඩායම මගින් කරගෙන යනු ලබන සමාජ සත්කාරය සදහා නාමල් රාජපක්ෂ මහතා මෙලස අප්‍රේල් මස ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පරිත්‍යාග කර තිබුණා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ මෙම උතුම් සමාජ සත්කාරය සාර්ථක කරගැනීම සදහා ඔබ සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි.
තවද විවිධ අවස්ථාවන්වල මුහුණුපොත හරහා කරළියට එන චැලේන්ජ් එකක් විදිහට මෙය රැල්ලක් ලෙස දැන් අරඹමින් තිබෙනවා.
ඒ තමන්ද මහරගම අපේක්ෂා රෝහලේ ගිණුමට මුදල් බැර කර තවත් පිරිසක් මෙම අභියෝගයට නම් කිරීමයි..

මීට පෙර මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක්ද පිරිනැමුනේ මේ අයුරින්..

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිට ට්විටර් ගිණුමේ තැබූ සටහන පහතින්..

මුහුණුපොතෙන් ඇරඹුණු අලුත්ම අභියෝගය..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!