Gossip

නාලන්ද විද්‍යාලයේ විදුහල්පති අත්අඩංගුවේ

1

කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර මහතා බොරැල්ල පොලිසිය මගින් අද දහවල් අත්ඩංගුවට ගත්තා.
එම විද්‍යාලයේ ගුරුවරයෙකු වූ සුසන්ත හේරත් මහතාට පාසලේ සිසුන් පිරිසක් ලවා සැලසුම් සහගතව පහරදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව
ඔහුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිවරයාගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කළ සුසන්ත හේරත් ගුරුවරයා සමග නොමනාපයෙන් පසුවූ විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති කාමරයේදී තවත් සිසුන් පිරිසක් යොදවා මෙම පහරදීම සිදුකර ඇති අතර එයින් ගුරුවරයා තුවාල ලැබ තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි.

තමන්ට ගුරුවරයා පහරදීමට තැත් කිරීම නිසා ආත්මාරක්ෂාවට කෑ ගසා සිසුන් පොළඹවා ගුරුවරයාට පහර දීම සිදුවූ බව නිදහසට කරුණු දක්වමින් විදුහල්පතිවරයා මින් ඉහත ප‍්‍රකාශ කර තිබී ඇති අතර සිද්ධිය අවස්ථාවේ විදුහල්පති කාමරය අසළ සිටි රෝහිණී හපුආරච්චි නමැති ගුරු මහත්මිය පමණක් සිදුවූ සියල්ල හැබැහින් දැක ක්ලාන්තවී තිබුණි.

පසුව ඇය මේ ගැන ඇත්ත තත්වය බොරැල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු විදුහල්පතිවරයා සම්බන්ධ සැකය පොලිසියට ඇති විය.
නාලන්ද විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!