Gossip

ජාත්‍යන්තරය ඉදිරියේ මව් රට බැබලවූ විනෝමා අසරණ මිනිසුන්ට සරණක් වෙන්න පෙරට එයි – Photos

විනෝමා කොලම් හෝක්‍රොෆ්ට් පසුගියදා ඇමරිකාවේදී පැවැත්වුණු Mrs International 2017 තරඟය සාර්ථකව අවසන් කර තිබුණා.
ඇයත් සමඟ මෙම තරගයට එක්වූ අනෙක් ශ්‍රී ලාංකික තරඟකාරිය වුණේ නෙත්මි වික්‍රමභාහු.
ඇය ශ්‍රී ලංකා නාමය ඇමරිකාවේදී බැබලවූයේ අප රටට ආඩම්බරයක්ද ගෙනඑමින්.
මේ පිළිබඳව අදහස් දක්වමින් විනෝමා මහත්මිය පැවසුවේ ඇයගේ සමාජ සේවා කටයුතු ඉදිරියට කරගෙන යන බවත් ඒවා දීර්ඝකාලීන කිරීමට ඇගේ බලාපොරොත්තුවක් ඇති බවත්ය.
(Autism) ආබාධිත දරුවන්ට හා දෙමව්පියන්ට තම හැඟීම් සහ ඕනෑ එපාකම් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හදුන්වාදී ඔවුන්ට අවශ්‍ය Theropy ලබාදීමටත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීමටත් ඒ සඳහා මුල්‍යමය ආධාර ලබාදීමටත් ඇය සූදානමින් සිටිනවා.
එමෙන්ම මොලයේ ආබාධ ඇති අනිකුත් දරුවන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලා ඔවුන්ට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබාදීමත් ඔවුන්ව දේශීය වෙදකමට යොමු කිරීමටත් විනෝමා බලාපොරොත්තුවෙන් සිටිනවා.
විදෙස් රටක සිටියත් ඇය මෙරට දේශීය වෙදකම පිළිබඳව ලොකු විශ්වාසයකින් සිටින බවයි පවසන්නේ.
කෙසේ වෙතත් තමන් උපන් රට වෙනුවෙන් කැපකිරීම් කරන රටේ නම ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තබන්නට ඇය වෙර දරණ ආකාරය ගැනද බොහෝ පිරිසක් පසුවන්නේ ඉමහත් සතුටින්.

   

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!