හොලිවුඩ්

ඩලස් තනපටයේ හක් එක ගලවන්න උදව් කරලා (වීඩියෝ)

2222222222222222222

 

අපි ආණ්ඩුවට ගියේ කාගේවත් යටඇඳුම් ගලවන්නවත්, සළුපට ගලවන්නවත් නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

අපි ආණ්ඩුවට ගියේ රට ගැන සිතා රට හැදීමට බව අමාත්‍යවරයා ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස පැවසීය.

ශ්‍රීලනිප මාතාවගේ තනපටය ගලවා සිරිකොතට විසිකරලා යනුවෙන් මෑතකදී ඩලස් අලහප්පෙරුම මහතා ජනහමුවකදී කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට ඇමතිවරයා ඉහත පිළිතුර දුන්නේය.

ආණ්ඩුවට එකතුවීමට ගිය ගමනට මුලදීම විරුද්ධ වුණේ කුමාර වෙල්ගම පමණක් බවද හෙතෙම පෙන්වාදුන්නේය.

ඊට වැඩියමක් එකතු කරමින් ඇමතිවරයා සෙමෙන් කියා සිටියේ සමහර විට   “හක්” එක ගලවන්න ඩලස්ගේ සහයක් තිබුණාද දන්නේ නෑ කියමිනි.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිට වඩා මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රිය බවද ඉදිරි  පළාත් පාලන මැතිවරණ ඡන්දය ගැන ප්‍රශ්නයකදී ඇමතිවරයා කියා සිටියේය.

එසේනම් ජනප්‍රිය නායකයාට ඡන්දය මෙහෙයවන්න ඉඩදී පැත්තකට වී සිටියානම් හොඳදැයි මාධ්‍යවේදියෙකු යළිත් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇමතිවරයා පැවසුවේ “එහෙම පැත්තකට වෙන්න කියන්න බැහැනේ” යනුවෙනි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!