තරු හුට පට

දූෂණයට ලක්වුණා කියන කතක් ගාලුමුවදොර වැටී සිටියදී ළඟටම ඇවිත් මන්ත්‍රී විස්තර අහයි

20
ගාලුමුවදොර පිටියේ මහ වර්ෂාව මැද දින දෙකක් තිස්සේ බිම වැටී සිටි කාන්තාවක් බොහෝ දෙනා මග හැරයද්දී එම කාන්තාවට සිදුව ඇති කරදරය ගැන සොයාබැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු උත්සාහ කරන වීඩියෝවක් මේවන  විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මෙම කාන්තාව මුහුණ පා සිටින කරදරය ගැන මන්ත්‍රීවරයා දිගින් දිගටම විමසා සිටින බවක් වීඩියෝවෙන් දක්නට ලැබෙනවා. එහෙත් කාන්තාව මුණින් අතර වැටී මහපොළොවේ වැසි වැටෙද්දී කිසිත් නොකියා සිටිනවා. මේ වෙලාවේ අසළ මිනිසුන් පවා එම ස්ථානයට ඇවිත් මන්ත්‍රීවරයාට මේ කාන්තාව ගැන විස්තර කියනවා.

පසුව මේ කාන්තාව තමන් මුහුණ පෑ කරදරය මන්ත්‍රීවරයාට හෙළිකරනවා. මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ඇත්තේ ඔහුගේ මිතුරෙකු හමුවීමට කියලයි ආරංචි. ඉතින් ඔහු මේ කාන්තාව දැක උපකාර කළත් පොලිසියත් අහක බලාගෙන සිටියා කියලා එතනදී කියවෙනවා. මේ කාන්තාව සේවය කළ ස්ථානයේ අයිතිකරු තමන් දූෂණය කළ බවත්, හම්බන්තොට සිට පැමිණි බවත් මන්ත්‍රීවරයාට හෙළි කරනවා.

ඒ කාන්තාව පත්ව සිටි කරදරය ගැන සොයලා බැලුවේ කළුතර දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඉන්න පාලිත තෙවරප්පෙරුමයි.

සිද්ධියට අදාළ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!