Gossip

මිදුලේ මලපහ කළේ කවුද..? අට හැවිරිදි පුතාට පහරදී ගසක එල්ලූ මොණරාගල පියා

තම පුත‍්‍රයාට අමානුෂික ලෙස පහර දී පාදවලින් ගසක එල්ලූ තිදරු පියකු මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු අටක් වයසැති මෙම දරුවා ගැන මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත මොනරාගල අලියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
කම්කරුවෙකු ලෙස සේවය කරන මෙම සැකකරු පසුගිය බ‍්‍රහස්පතින්දා සිය නිවසට පැමිණ ඇති අතර නිවස ඉදිරිපිට මිදුලේ කිසියම් අයකු මළපහ කර ඇති බව දැක ඒ පිළිබඳව තම අටහැවිරිදි පුතාගෙන් විමසා තිබෙනවා.
එලෙස සිදුකළේ කවුරුදැයි නොදන්නා බව පුතා පැවසීමෙන් අනතුරුව පියා විසින් පුතා ගසක බැඳ පහරදී කකුල්වලින් බැඳ අඹ ගසක එල්ලා තිබෙනවා.
මෙම සිදුවීම ගම්වාසීන් විසින් දැක ඇති අතර ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති අතර පොලිසිය පැමිණෙන විට දරුවාගේ මව අඹගසේ එල්ලා තිබූ දරුවාගේ ගැට ලිහා බේරාගෙන තිබූ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව අදාල සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට පියවර ගෙන ඇති අතර පහර කෑමට ලක්වූ දරුවා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!