Gossip

සල්ලි කපා ගන්න කලින් මේක කියවන්න- විදේශ රටක නාදුනන අංකයකින් මිස් කොල් ආවද? මෙන්න විස්තරය

1767 න් පටන් ගන්නා අංකයකින් ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් Missed Call එකක් ලැබී තිබුණු බව වාර්තා වෙයි.

මෙය හුදෙක් සිදුකරන වංචාවක් බවට මේ වන විට වාර්තා පළවෙයි.

මෙම අංකය අයත් වන්නේ ඩොමිනිකා රාජ්‍යයට වන අතර කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වල දුරකථන අංක යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකරන බවට දැනගන්නට ලැබෙනවා.

මෙම ජාවාරම බොහෝ කලකට පෙර ආරම්භ වුවක් වන අතර “One Ring Scam” යනුවෙන් මෙම ජාවාරම හඳුන්වයි.

මෙහිදී රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට Missed Calls ලබාදීම සිදු වේ. යම් කිසි දුරකථනයකට Ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබයි. දුරකථන ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වන බව දැනගන්නට ලැබෙනවා.

එසේ එම මගහැරුණු ඇමතුමට දුරකථන ඇමතුමක් ගතහොත් “වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට” ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 – $30 ත් අතර මුදලක් අය කරගනී. එය ඔබෙහි බිල්පතෙහි “Premium Service” යනුවෙන් පෙන්වනු ඇත.

එහෙයින් ඔබත් විදෙස් රටකින් මගහැරුණු ඇමතුමක් ලැබුනොත් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ප්‍රථම සැලකිලිමත් වන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!