Gossip

මෙම වීඩියෝව නැරඹිමෙන් පසු 153දෙනෙක් තම දෑස උගුල්ලාගෙන සියදිවි නසාගත්තා – වීඩියෝ

කාලෙන් කාලෙට මුහුණුපොත පුරාම විවිධ දේවල් හුවමාරු වෙනවා.
ඒ විදිහේ වීඩියෝවක් ගැනත් අමුතු කතාවක් ගැනත් මුහුණුපොතේ හැමතැනම වගේ කතාවෙනවා.
එම නිසාම මේ ගැන අපි ඔබට කියන්න හිතුවා.
youtube කියන්නේ ලෝකයේ සියලුම වෙබ් අඩවි අතරින් දෙවන ස්ථානයට හිමිකම් කියන වෙබ් අඩවියක්.
Video Sharing Platform එකක් ලෙස බැලුවොත් නම් ලෝකයේ ප්‍රථම ස්ථානයේ පවතින හා විශාලතම වෙබ් අඩවිය. Youtube තුළ අපට විවිධාකාරයේ වීඩියෝ දැක ගත හැක. ඒ අතර අත්භූත වීඩියෝ රැසක් ද දැකගන්න පුලුවන්.
ඒ අතර ඇති MEREANA MORDEGARD GLESGORV කියන වීඩියෝ එක නම් ටිකක් භය‍ංකාර වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ එක්තරා කෙනෙක් කැමරාව දෙස බලාගෙන ඇස් වලින් විවිධ ඉරියව් පෙන්වීමක්. වීඩියෝව රතු පාටින් පෙනෙන නිසා මෙයට බයංකාර පෙනුමක් තියනවා.
මේ MEREANA MORDEGARD GLESGORV වීඩියෝ එක බලපු අය අතරින් 153න් දෙනෙක් තමන්ගේ ඇස් තමන්ම ගලවලා ඒවා Youtube වෙත යවලා තිබුණා. හැබැයි ඒවා යැව්වේ කවුද ? ඒක නම් අභිරහසක්. ඒ වගේම මෙහෙම මැරුණු හැම කෙනෙක්ගෙම අතේ තියුනු ආයුධයකින් පණිවිඩයක් සටහන් වෙලා තිබුණා. ඒකත් ලොකු අබිරහසක්. කියන විදිහට නම් Youtube සමාගමේ සේවය කරපු කෙනෙකුත් මෙහෙම සියදිවි නසාගෙන තියනවා.
මේ ගැන විවිධ අයගේ විවිධ අදහස් තියනව. සමහරු මේ වීඩියෝ පටය නරඹන කෙනාව මෝහනය කරල සියදිවි හානි කරගන්න පොළඹවන එකක් කියද්දි තවත් සමහරු මේක සාප ලත් එකක් විදියට හදුන්වනවා.
මේක upload කරපු Channel එක youtube සමාගම මගින් ඉවත් කල නිසා එම වීඩියෝවේ අයිතිකරු සොයාගැනීමට නම් දැන් බෑ.
නමුත් බොහෝ පිරිසක් මෙම වීඩියෝව youtube පුරා සෙව්වා. ඒ නිසා Youtube වෙත එම වීඩියෝවෙන් තත්පර 20ක පමණ කොටසක් එකතු වුණා.

ඒ විදිහට හැමතැනම හුවමාරු වෙන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි අපටනම් වාර්තා වුණේ.

වීඩියෝවේ කොටසක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!