Gossip

අද බුද සංක්‍රාංතියක් – දුරේක්ෂයකින් බලන්න ගාලු මුවදොරට එන්න

වසර 10 කට පසුව අද (09) සිදුවන බුධ සංක‍්‍රාන්තිය පියවි ඇසින් නිරීක්ෂණය නොකරන්නැයි ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පියවි ඇසින් එය නිරීක්ෂණය කළහොත් ඇසට හානි සිදුවිය හැකි බව වාර්තා වෙයි.

අද සිදුවන බුධ සංක‍්‍රාන්තිය ශ‍්‍රී ලංකාවට ද නිරීක්ෂණය වන බව සඳහන්ය.

බුධ ග‍්‍රහලෝකයට සූර්යය තැටිය හරහා ගමන් කිරීමට පැය හතහමාරක පමණ කාලයක් ගතවෙන අතර එය ශ‍්‍රී ලංකාවට දිස්වන්නේ පැය 2කට ආසන්න කාලයක් බව ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය සඳහන් කරයි.

අද සිදුවන බුධ සාංක‍්‍රාන්තිය නිරීක්ෂණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ද විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබේ.

එය කොළඹ ගාලූමුවදොර පිටියේදී පස්වරු 4.00 ට ආරම්භ වනු ඇත.

දුරේක්ෂයක් සූර්යයා දෙසට යොමුකර එහි ප‍්‍රතිබිම්භය සුදු තිරයක් මතට ගැනීමෙන් බුධ සංකාන්ත‍්‍රිය නිරීක්ෂණය කළ හැකි බව ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය සඳහන් කරයි.

cover

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!