Gossip

මට කොහෙත්ම බයක් දැනුනේ නැහැ- මම අත්හරින්න ලෝබ වෙන්නේ නැහැ – මේනකා පීරිස්

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන මේනකා පීරිස් ගැන පසුගිය දවස්වල ආරංචි වුණු අලුත් කතාව තමයි රනිල් කුලතුංග සමග විවාහ ගිවිස ගැනීම ගැන. මේ දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූපද අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුණා. ඉතින් මේ ගැන සහ ඇයගේ අලුත් විස්තර ගැන කිව්ව කතාබහක් මේ.

මේනකා අලුත් ජිවිතයකට ආරම්භයක් ගත්තා. කොහොමද ඒ ජිවිතේ..?
අලුතින් පටන් ගත්ත ජිවිතේ ගොඩක් ලස්සනයි. මම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ නිදහස, ආදරේ, ආරක්ෂාව, කරුණාව තියෙන ජිවිතයක් එක්ක ජිවිතේ බෙදා ගන්න. මට ඒ අවස්ථාව රනිල් එක්ක එකතු වෙලා පටන් ගන්න පුළුවන් වුණා, ඒ නිසා මම සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.

විවාහ ගිවිස ගැනීම විතරයි කළේ. විවාහ මංගල උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් ඇති නේද..?
ඔව්. ලබන අවුරුද්දේ විවාහ මංගල උත්සවය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් ලෑස්ති වෙන්න ඕන.

ඉක්මණටම විවාහ ගිවිස ගන්න විශේෂ හේතුවක් තිබුණද..?
විශේෂ හේතුවක් නම් තිබුනේ නැහැ. අපි එකපාටම වෙඩින් එක ගන්න හිටියේ, නමුත් දෙපාර්ශවයේම දෙමාපියන් කිව්වා විවාහ මංගල උත්සවය කරන්න කල් ගන්නවා නම් හොද නැකතක් බලලා විවාහ ගිවිස ගැන කියලා. හොදම නැකතක් බලලා අපි විවාහ ගිවිස ගත්තා.දෙපාර්ශවයේම නෑදෑ හිතමීතුරන්ට විතරයි කිව්වේ.

ඒ කියන්නේ මේනකාත් හදහන් විශ්වාස කරන කෙනෙක්..?
මම සියයට සියයක්ම විශ්වාස කරන්නේ නැහැ. සියයට පනහක් වගේ. හදහන කියලා ඒකේ එල්ලිලා ඉන්නේ නැහැ. අවශ්‍ය හොදම දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරනවා. මම හිතන්නේ හදහන ගයිඩ් ලයින් එකක් මිස ජිවිතේ නෙමෙයි.

මේනකාට රනිල්ගේ ආදරේ ලැබෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..?
මම රනිල් රගපෑ ටෙලි නාට්‍යයක් බලලා තිබුණා. ඒකේ එයාගේ චරිතය හරිම ආදරණියයි. මම බලාපොරොත්තු වුණු පුද්ගයලාගේ ගතිගුණ තමයි ඒ චරිතේ තිබුණේ. ඒ නිසා දිගටම ඒක බැලුවා. නමුත් මම රනිල්ව දැනගෙන හිටියේ නැහැ. දවසක් මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් රනිල්ව හම්බුනා. එතැනදී තමයි අපි මුලින්ම කතාබහ කළේ. ටික දවසක් යනකොට මගේ හිතේ එයා ගැන කැමැත්තක් ඇති වෙලා තිබුණා. එයාගේ හිතෙත් මම ගැන කැමැත්තක් තියෙනවා කියලා මට තේරුනා. එහෙම ඉන්නකොට තමයි රනිල් එයාගේ ආදරේ ප්‍රකාශ කරේ. මමත් හරිම කැමැත්තෙන් ඒ ආදරේ පිළිගත්තා. අපි මාස 9ක් ආදරේ කරා.

ආදරේ කරලා ජිවිතේ වරදියි කියන බය දැනුනේ නැද්ද..?
නැහැ. මම රනිල්ට කිව්වා මුලින්ම එයාගේ අම්මාගේ කැමැත්ත අරගෙන එන්න කියලා. එයාට ඉන්නේ අම්මා විතරයි. තාත්තා නැති වෙලා. සහෝදර සහෝදරියෝ හයක් ඉන්නවා. රනිල් පවුලේ බාලයා. එයාගේ අම්මාගේ කැමැත්ත ලැබුනට පස්සේ තමයි මම මගේ දෙමාපියන්ට කියන්න කියලා රනිල්ට කිව්වේ. රනිල් කියන්නේ හරිම සරල මනුස්සයෙක්. හැමදාම එකම විදිහ. ඇතිදාට නැතිදාට කියලා එයා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මට කොහෙත්ම බයක් දැනුනේ නැහැ.

මේනකා කියන්නේ රංගනයට අලුත් වුණත් දක්ෂතා දැක්වූ රංගන ශිල්පිනියක් වගේම විවිධ චරිත නිරුපනය කරන නිලියක්. විවාහයත් එක්ක රනිල් ඔබේ රංගන ජිවිතයට නීති දැම්මොත්..?
එහෙම වෙන්නේ නැහැ අපි දෙන්නා දෙන්නාටම. එයා නිතරම කියන්නේ හොද චරිත වලින් ඉදිරියට යන්න කියලයි. මම මැරෙනකල්ම රගපානවා. මගේ හුස්ම නතර වෙනකල්ම මම කලාවෙන් අයින් වෙන්නේ නැහැ. රනිල් ඒක දන්නවා. එනිසා එයාගෙන් මට නීති වැටෙන්නේ නැහැ. මමත් එහෙමයි එයාට ඕන නිදහස දෙනවා. අපි කොයිම වෙලාවකවත් තර්ක කරන්නේ නැහැ. රනිල් මගේ අදහසින් පිට දෙයක් කිව්වොත් මම ඒකට එකග වෙනවා. අපි දෙන්නගේ අදහස් ගොඩක් දුරට ගැලපෙනවා. ඒ නිසා ප්‍රශ්න නැහැ.

දෙන්නට එකට රගපාන්න අවස්ථා ලැබිලා නැද්ද..?
අවස්ථා කිහිපයක් ලැබුනා. නමුත් සම්බන්ධ වුනේ නැහැ. හොද පිටපතක් එක්ක දෙන්නට එකට රගපාන්න අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. අපි කැමතියි. ඒ වගේම රනිල්ට ලොකු හීනයක් තියෙනවා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න. මමත් ඒ හීනයට යන්න උදව් කරනවා. එයා සම්බන්ධ වෙන මුල්ම චිත්‍රපටියත් ලගදීම රූගත කරනවා. ඒ ගැනත් මට සතුටුයි.

මේනකාව දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් කියමු..?
ලස්සන හොද පිටපතක් ලැබුනා. චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ. ඒකේ රූගත කිරීම් ආරම්භ වෙනවා.

චිත්‍රපටි වලට ඇරයුම් ලබන්නේ නැද්ද..?
මම මගේ රංගන ජිවිතේ හොදම චරිත තෝරා ගන්නේ. චිත්‍රපටි කිහිපයකට පහුගිය කාලේ ආරාධනා ලැබුනා. නමුත් ඒවා ප්‍රතික්ෂේප කළා. මට දැනෙන නිර්මාණ නොලැබුනොත් කොච්චර මුදල් ලැබුනත් මම ප්‍රතික්ෂේප කරනවා. මට යමක් කරන්න බැරි නම් මම අත්හරින්න ලෝබ වෙන්නේ නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!