තරු හුට පට

මත්තල ගුවන් තොටුපොළ පිරී ඉතිරෙයි (ඡායාරූප)

cvr

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රතිසංස්කරණ කටයුතු අද(06) ආරම්භ වෙයි.

ඒ අනුව අද සිට අප්‍රේල් මස 06 වන දින දක්වා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය  තුළ ගුවන් තොටුපොළ  ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වාර සංශෝධනය කර ඇති බවයි.

වසර 30කට පසු සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද පෙරවරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවිර මහතා ප්‍රකාශ කළේය.

ගුවන් තොටුපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවශ්‍ය ක්‍රියාම්ර්ග ගෙන ඇති බව නිහාල් සෝමවීර මහතා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශාල මගීන් පිරිසක් රැඳී සිටින බව පෙනෙන්නට ලැබෙනවා.

1 2 3 4 5 6 7 8 9 11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!