Gossip

“එදා මම දුක්වුණා, ගොඩක් ඇඬුවා, හැමෝම මාව ප්‍රතික්ෂේප කළා, අද මිලියන ගණනක් ජනතාව මම ගැන සතුටු වෙනවා” – Photos

මට අරක නැහැ.. මේක නැහැ කියලා කීදෙනෙක්නම් නාහෙන් අඬනවද.?
තමන්ට ලැබුණු ජීවිතය ගැන සතුටු වෙන්නේ කීයෙන් කීදෙනාද..?
ඒත් සමජයේ සමහර ජීවිත දිහා දැක්කම අපිට හිතෙන්නේ අනේ අපිට මොනවද අඩු කියලා..
පුංචි දරුවෙක් නීරෝගීව මෙලොව එළිය දකිනවා වගේම විරූපීව උපදින දරුවොත් මේ ලෝකේ ඉන්නවා.
ඒ වගේම ආබාධ සහිතව උපත ලබන අයත් ඉන්නවා.
ඒත් තමන්ට ලැබුණු ඒ ජීවිතේට අභියෝග කරමින් ජීවිත ගමන ජයගත්තු දිරිය මිනිස්සු කොයිතරම්නම් අපි අතරම ඉන්නවද.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ දිරිය යුවතියක් ගැනයි.
ඇය උපදින්නේ මුඛ පිළිකාවක් සහිතව.
marimar Quiora නම් ඇය විරූපීව උපත ලබන අතර ඇය මේ වෙද්දි 21 හැවිරිදි වියේ පසුවනවා.
ඇය Inspirational Vlogger Redefines Beauty ලෙසින් යූටියුබ්හි ජනප්‍රිය තරුණියක්.
ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා.
කතා කිරීමට නොහැකි ඇය යූටියුබ් හරහා ඇගේ ශිල්පය සංඥා භාෂාව මගින් ලොවට කියා දෙනවා.
marimar Quiora ජීවත් වෙන්නේ කැලිෆෝනියාවේ.
ඇයට ලැබුණු ජීවිතය ගැනත් මුහුණදුන් අභියෝග ගැනත් arimar Quiora කියන්නේ මේ වගේ කතාවක්.
පුංචි කාලේ ගේ අවට පොඩි ළමයි එක්ක සෙල්ලම් කරන්න යද්දි ඒ අය මාව ප්‍රතික්ෂේප කළා.
මට හිනා වුණා. මම කැතම කැත කෙනෙක් කියලා කිව්වා. පාසලේදීත් මට ලැබුණේ ඒ විදිහේ ප්‍රතිචාර. මට යාළුවෝ කවුරුත් හටියේ නැහැ. මම ඇඬුවා දුක්වුණා.. නමුත් මට තේරෙනකොට මම හිතුවා හැමෝම මාත් එක්ක කතා කරන මට්ටමට මොනවා හරි කරනවා කියලා. මම රූපලාවන්‍ය ඉගෙන ගත්තා. ඒ දැනුම යූටියුබ් හරහා බෙදාදුන්නා. අද මම ගැන මිලියන ගණනක් ජනතාව සතුටු වෙනවා. කිසිම කෙනෙක් තමන්ට ලැබුණු ශරීරය ගැන වදවෙන්න එපා. කොහොමද ඔබේ පෙනුම ඔබට දැනෙන්නේ කියලා. තමන්ට හිතෙන දේ හරියට කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විවාහ වෙන්න. විවාහ වෙලා ලස්සන ජීවිතයක් ගතකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!