Gossip

65 හැවිරිදි බෙලරුසියාවේ ජනපති අතිනත ගත් 22 හැවිරිදි මරියා වැසිලිවිච් – Photos

පිට පිට පස්වැනි වතාවටත් බෙලරුසියාවේ ජනපති පදවියේ කටයුතු කරන 65 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ (Alexander Lukashenko) සහ පසුගිය වසරේ බෙලරුසියාවේ රූ රැජන ලෙස අභිෂේක ලැබු 22 හැවිරිදි මරියා වැසිලිවිච් (Maria Vasilevich) ගැන කියන්නට ඇත්තේ ද ඒ ටිකමයි.

බෙලරුසියාවේ පළමු පුරවැසියා එරට මිලියන 9ක ජනතාවගේ දුක සැප සොයා බැලීමටත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටත්, රටක් විදියට බෙලරුසියාව ඉහළට ඔසවා තැබීමටත් ආදි වශයෙන් අප්‍රමාණ වැඩ රාජකාරි තොගයක් මැද අවිවේකී ජීවිතයක් ගත කරමින් සිටියත් නැවුම් සුවඳ හමන ප්‍රේමයකට හිත එක්තැන් කරගන්නට කාල වේලාවක් තිබීමත් එක අතකට පුදුමයි.

ඒ ආදරය ගැන වැඩිපුර කතාබහට ලක්වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එරට මහ මැතිවරණයෙන් ළාබාලතම මන්ත්‍රිවරිය ලෙස මරියා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසයි.
කවුරුත් කියන්නේ එය ජනපතිගේ පෙම් පහසේ ප්‍රතිඵලයක් කියායි. කොහි හැටි වෙතත් දැන් මේ පුංචි කෙල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් විදියට සිය දේශපාලන ජීවිතය ආරම්භ කර හමාරයි.
ජනපති ඇලෙක්සැන්ඩර් දැන් ඇගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම දේශපාලන ජීවිතයේත් යෝධ සෙවැණැල්ල වී හමාරයි.

මරියා ගැන කියනවානම් ඇය යොවුන් වියේදිම මෝස්තර නිරූපිකාවක් විදියට කරළියට පැමිණි පුංචි කෙල්ලක්. 2018 දී එරට රූ රැජින ලෙස අභිෂේක ලබා ඊළඟට ලෝක රූ රැජන තරගයේදී තුන්වැනි තැන දිනාගත්තු මරියාට ජනපතිගේ හිත දිනාගැනීමට හැකිවීම එක අතකින් පුදුම විය යුතු කාරණාවකුත් නෙවෙයි.

වසන්ත කාලයේ ඉදුණු ඇපල් ගෙඩියක් වගේ සුන්දර මේ යුවතියට ආදරයේ හෝඩිපොතත්, දේශපාලනයේ හෝඩි පොතත් දෙකම හරි අපූරුවට කියා දෙන ජනපති ඇලෙක්සැන්ඩර් මේ දවස්වල පසුවන්නේ පුදුමාකාර සතුටකින් බව අමුතුවෙන් කියන්න දෙයක්

නෑ. දෙන්නා අතර අවුරුදු 43ක වයස් පරතරයක් තිබුණත් මරියාගේ නැවුම් ආදරය මැද ඔහු තව තවත් තරුණ වෙන්නත් ඇති.

1994දී සෝවියට් රුසියාවෙන් මිදී වෙනම ව්‍යවස්ථාවක් සකස් කරගත්තාට පස්සේ බෙලරුසියාවේ පළමු ජනපති ලෙස පත්වුණු ඇලෙක්සැන්ඩර්ට අද වනතුරුම නොකඩවා වාර පහක්ම රාජ්‍ය නායකයා ලෙස වැජඹීමට වාසනාවක් තියෙන්නට ඇති. ජලීනා සෙල්නෙරොවිච් සමග මීට දශක පහකට කලින් සිය මුල්ම විවාහය සිදු කරගත්තු ජනපති ඇලෙක්සැන්ඩර්ට මේ ඊයේ පෙරේදා අලුතින් පෙම්වතකු වීමට තරම් පුදුමාකාර සිකුරු යෝගයක් තිබෙන්නත් ඇති.

වසර 1975දී ඇලෙක්සැන්ඩර් සමග විවාහ වි ඔහුට පුතුන් දෙදෙනකුම තෑගි කළ ඇය ඔහු ජනපති පදවියට පත්වුණාට පස්සේ ජීවත් වුණේ වෙනමයි.
පසු කාලෙක ඒ කියන්නේ 2004දි ඇතිකරගත් අනියම් පෙමක ප්‍රතිඵලයකින් ඔහු තුන්වැනි වතාවටත් පිය පදවිය ලබද්දී පස් හැවිරිදි දැරියකව සිටි මරියා දැන් ඔහුගේ ජීවිතයේ අවසන් සැඳෑවට වසන්තය ගෙනැවිත්.

අයිස් හොකී ක්‍රීඩාවට පුදුම කැමැත්තක් ඇති ජනපති ඇලෙක්සැන්ඩර්ට මරියා මුණ ගැසුණෙත් එවැනි අවස්ථාවකදියි.
ඇය ඒ තරගයට එක්වූයේ බෙලරුසියාවේ රූ රැජන ලෙස අභිෂේක ලැබීමේ උණුසුම මැදයි. ඔහු ඇයට හාදු දී සුබ පැතුවා.

හිතක් බැඳෙන්නට එක නිමේෂයක් ඇති බව ඒ මොහොතේ ඔවුන් දෙදෙනාටම සිතෙන්න ඇති.
ඒ අවුරුද්දේ නත්තල් දා පැවැති සාදයකදී ඇය ඔහුට නර්තනයට එක්වෙන්න ඇරියුම් කළා. ඔහු සතුටින් ඒ ඇරියුම බාර ගත්තා.

ඇතැමුන් කියන්නේ ඔහු මුලින් ඇයට අකැමැති වූ බවයි. තම දරුවන්ටත් වඩා බෙහෙවින් බාල වයසක පසුවන මේ යුවතියගේ ප්‍රේමය බර වැඩි වනු ඇතැයි ඔහුට සිතෙන්න ඇති.

ඔහු ඈත්ව යද්දී මේ පුංචි යුවතිය සුසුම් හෙළන්නත් ඇති. සුසුමක අකුරු කරන්න ඇය නොදැන සිටින්න ඇති. හඬා වැටෙන්නත් ඇති. හමුවී කතා කරන්න ජනපතිගෙන් දිනයක් ඉල්ලා සිටින්නත් ඇති.

ප්‍රේමයේ පළමු කඳුළත්, අවසන් කඳුළත් ඔහු වෙනුවෙන්ම හෙළූ මේ සුන්දර යුවතිය ALWAYS ON MY MIND…. FOREVER IN MY HEART… කියා ඔහුගේ කනට කොඳුරන්න ඇත්තේ එසේ නර්තනයේ යෙදී සිටියදී වෙන්න ඇති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!