Gossip

තමන් විසින්ම ඇතිදැඩි කළ සිංහයා අතින් අවසන් ගමන් ගිය අවාසනාවන්ත මිනිසා – Photos

කොපමණ කළත් වන සතුන් ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවට කියමනක් වෙයි. බොහෝ විට උන්ගේ සහජ ලක්‍ෂණ මොහොතක ඉස්මතු විය හැකි බව මේ කියමනෙන් (No Matter Habituated or tame they might seem they remain unpredictable and instinctive) පැහැදිලි වෙයි.
කනගාටුවට මෙන් මේ ඇත්ත – තිත්ත ඔප්පු කරන දුක්බර කතා ප්‍රවෘත්තියක් අපට දකුණු අප්‍රිකාවෙන් ආසන්නට ලැබෙයි. ඒ “සිංහ මිනිසා” (the Lion Man) යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ලියෝන් වැන් බියෝන්ට අත්වූ කනගාටුදායක ඉරණමය.

වනෝද්‍යානයක හිමිකරුවකු වූ වැන් බියෝන්ට සිදුවූයේ තමන් විසින්ම ඇති දැඩි කළ සිංහයන් අතින් අවසන් ගමන යන්නටය.
විදෙස් වෙබ් අඩවියක් පවසන අන්දමට ඔහු මේ අනපේක්‍ෂිත ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ කලිනන් නගරාසන්නයේ පිහිටි Mahala view Lion Game Lodge හි සිංහ කොටුවේ වැටක් පිළිසකර කරමින් සිටියදීය.
Lion Game Lodge පිහිටා ඇත්තේ කලිනන් නගරයේ සිට සැතපුම් තිහක පමණ දුරකිනි. පුද්ගලයන් දෙදෙනකුගේ සිට හය දෙනකු දක්වා රැඳී සිටිය හැකි ලී ගෙපැල 8කින් යුතුවේ. උද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණය සිංහයන්ය.
බියෝන්ගෙන් එහිදී අමුත්තන්ට ලැබෙන්නේ සිංහයන් පිළිබඳ A-Z පාඩමකි. එහි රාත්‍රියක් ගත කිරීම සැලකෙන්නේ අපූරු අත්දැකීමක් ලෙසය.
බියෝන් මේ වැට පිළිසකර කළේ තම සුරතල් සිංහයන් තිදෙනා වූ රම්බෝ, නකීතා හා කාට්රීන්ට පිටුපාය. ඔහු අතින් සිදුවූ වරද නම් පිටතින් රැඳී නොසිට සිංහයන්ගේ කොටුව ඇතුළතට පැමිණ මේ කටයුත්තේ යෙදීමය.
ඉන් එකකු මෙහිදී තම ස්වාමියා වෙත කුරුමානම් ඇල්ලූයේය. අවසන ඔහුගේ ගෙල මතටම පැන්නේය. මේ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් අසරණව ගිය බියෝන්ගේ පිහිටට පැමිණි උද්‍යාන සහායකයන් සිංහයන්ට වෙඩි තබා දැමූ බවත් පැවසෙයි.
වෛද්‍ය කණ්ඩායම් කඩිනමින් එහි ළඟා වුවද හැත්තෑ හැවිරිදි ලයන් මෑන් ඒ වන විටත් මියගොස් සිටියේය.
“වෙන කරන්නට දෙයක් නැහැ. තුවාලකාරයා ළඟට යන්න අපිට වෙඩි තියන්නට සිදුවුණා. අප කල්පනා කළේ ඔහුගේ ජීවිතය බේරාගන්නා හැටියක් ගැනයි.”
වෛද්‍ය ප්‍රකාශකයකු වන සැන්ඩර් ලෝබ්සර් පවසයි. මේ ගිනි බිඳීමෙන් එහි වූ සිංහයන් තිදෙනාම මිය ගිය බව සඳහන්ය.
මේ හදිසි ප්‍රහාරයට උද්‍යාන හිමිකරු ලක්වීමත් සමඟම ඒ දවසේ එහි රැඳී සිටි අමුත්තන්ද ඔහුගේ සහාය පිණිස සිංහ කූඩුව දෙසට ආ බවක් පැවැසෙයි.
ඔවුන්ගේ ආරක්‍ෂාව ගැනද කල්පනා කරමින් මේ වෙඩි තැබීම කළ බව කලිනන් ප්‍රකාශිකාව පවසන්නීය.
The Big 5 යනුවෙන් දඩයම සම්බන්ධ කඳවුරක් ද ඔහු විසින් එහි පවත්වාගෙන යනු ලැබිණි. වන සතුන් දඩයම තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් වනගත අප්‍රිකාවේ නැති තරම්ය. The Big 5 යනු, දිවියා, අලියා, රයිනෝ, කුළු හරකා සහ සිංහයාය. බියෝන්ගේ කඳවුරෙන් මූලිකවම සිදුවූයේ සිංහයන් පිළිබඳව සියලු කාරණා ඉගැන්වීමය.
මේ දඩ කෙළිය අනෙක් අතට අප්‍රිකාවේ අතමිට සරු කරන ව්‍යාපාරයක් ලෙස ද සැලකෙයි. සිංහ බෝ කිරීම කඳවුරු හා උද්‍යාන ආශි්‍රතව සිංහයන් 6000ත් 8000ත් අතර ප්‍රමාණයක් මේ කාර්යය වෙනුවෙන් මිනිසුන් විසින් ඇති දැඩි කෙරෙන බව දැන ගන්නට ලැබෙයි.
මෙබඳු දඩකෙළි උද්‍යාන දෙසීයක් පමණ අප්‍රිකාව පුරා දකින්නට තිබෙන බව ඇත්තකි.
මෙහි ඇති කනගාටුදායක හා බියජනක කරුණ නම් මේ හීලෑ යැයි කියන සිංහයන් අතින් ද බොහෝ මිනිසුන් මිය යෑමය.
නොඑසේ ප්‍රහාරයට ලක් වීමය. අප්‍රිකාව තුළ සිදුවන සිංහ ප්‍රහාරවලින් 60%ක්ම පාහේ හීලෑ සිංහයන් අතින් සිදුවීම ඊට සාක්‍ෂිය. සිංහ මිනිසා හෙවත් ලියෝන් වැන් බියෝන්ට ද අත්වූයේ ඒකී ඉරණමය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!