Gossip

“මා හැර ගිය ඇය තමයි මගේ සැබෑ ජිවිතයේ යශෝධරාව” – මධුමාධව කැමතිම කාන්තාවන් 08 දෙනා මෙන්න

මධුමාධව අරවින්දගේ ජිවිතයට ආව ගිය කාන්තාවන් අතර ඉහලින්ම ඉන්න චරිත 8ක් ගැන ඔහු පවසා තිබුණේ මේ විදියටයි.

1 මගේ අම්මා – සුසිරි සිරිවර්ධන

මම වැඩියෙන්ම ගරු කරන, කැමතිම කාන්තාවන් අටදෙනාගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ මගේ අම්මා. මං හිතන්නේ මගේ රටේ කාටත් එහෙම වෙන්නැති. ඉතින් හැමෝටම වගේ මටත් මගේ මල්ලිටත් මගේ රත්තරන් අම්මා ලෝකයක්. පුළුවන්කම් වගේම බැරිකම් දරාගන්න කියලා දුන්නේ අම්මා. මගේ තාත්තට පණක්, ජිවිතයක් වෙච්ච මගේ අම්මට ගරු කරන්න හේතුව අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඒ මගේ “අම්මා ” කිව්වම හේතු ඔක්කොම එතැන තියෙනවා.

2 හැර ගිය සිදුහත්ට අපහස නොකරපු – යශෝධරාව

මම ඉතිහාසයට ගරු කරනවාට වඩා කැමතියි වර්තමානයට ගරු කරන්න. ඒ නිසා ඉතිහාසයේ කව්රුන් හෝ ගරුකිරීමට ලක්වෙනවානම් ඊට වර්තමානයේ හේතුවක් තිබිය යුතුයි. යශෝධරාව සිදුහත් කුමරුගේ බිරිඳ, අපි දකිනවා නුතන ගැහැණිය කසාද,ප්‍රේම ජිවිත කඩා වැටෙන කොට සමාජයෙන් බේරෙන්න තව මනුස්සයෙක් ලඟට යන්න භාවිත කරන්නේ පෙර මිනිසාගේ වැරදි. ” හොදයි, එයා නරකයි,” කියන එක. නමුත් සිදුහත් කුමරු ගිහිගෙය හැරයනවිට යශෝදරා දන්නේ නැහැ තමන්ගේ සැමියා බුදුවෙයි කියලා. එත් ගිය සිදුහත්ට අවලාද අපහාස නොකරපු උත්තම ගනයේ කාන්තාවක් ඇය. ඇය එය දරාගත්තා. ඒ නිසා නුතන කෙනා වෙත ඇදෙන්න තමන් ළඟ හිටපු කෙනාට අවලාද නගන රටක යශෝදරාවන් හරි අඩුයි. මම යශෝදරාට කැමතිවෙන්නේ අන්න එතැනදී.

3 මටත් හිටියා යශෝදරාවක්. – රෙනුෂා පෙරේරා.

කවියෙන් කියනාවනම් මම ඇයට ලිව්වා…

දිවිය පුරා ඔය පය පැටලෙන්න එපා කවදාවත්.

සිතෙන් මරා දමන්නට බෑ ඔබට වගේමයිනේ මටත්.

ගතින් දරා ගනු නොහැකිව දුරු රටකට නුඹම ගියත්.

යශෝදරා නුඹම වෙන්න ඇති එත් මම නොවේ සිදුහත්.

රෙනුශාට තමයි මම එහෙම කිව්වේ. මගේ දෙවැනි බිරිඳට, ඇයත් මමත් දන්නා දේවල් අතරින් ලෝකෙම විවිධ කතා කියද්දී ඇය නිහඬව සමුගෙන යන්න ගියා. හරියට යශෝධරා නිහඬව හිටියා වගේ. එය දේශපාලනිකද,ප්‍රේමනීයද කියන එක හේතුව වැදගත් නැහැ. එහෙම ගිය ඇය වෙනුවෙන් මම අත උස්සලා කිව්වා, ඇය යශෝධරා. මම සිදුහත් නෙමෙයි. ඇය නිවැරදියි. ගහන ගලක් තියෙනවනම් මට ගහන්න. ඉතින් ඇය තමයි මගේ සැබෑ ජිවිතයේ යශෝධරාව. මා හැර ගිය. ඉතින් මමත් ඇයව හැර අවා.

4 ඒ මගේ දුවගේ අම්මා. – නිල්මිණි තෙන්නකෝන්.

මට ගරුකරන්න සිද්ධ වෙනවා ඇයට. ඒ නිල්මිණි තෙන්නකෝන් කියන රංගන ශිල්පිනියට නෙමෙයි. ස්වේතා මන්දාකිනිගේ අම්මට. ඇය මට මගේ ජිවිතේ වටිනාම තෑග්ග දුන්නා. මගේ දුව. හැබැයි ඒ වගේම අපහාස, අවලාද හුරු නැති මට ඒවත් හුරුකලේ නිල්මිණි. ඇය මාව හයිය කළා. ඒ නිසා ඇයට මම කැමතියි. ඈ මට මොනවා කිව්වත්.

5 රට නිදහස් කල පුතුන්ගේ අම්මා. – දෝන ගිමාර වීරකෝන් රත්නායක.

විහාර මහා දේවිය මගේ ජිවිතේ හිටියට, වෙන මාතාවක් ඇයගේ ස්ථානය මගෙන් පැහැර ගත්තා. විහාරමහා දේවියට හිටියනේ පුත්තු දෙන්නෙක්. හැබැයි අපි ඇයට ගරු කළේ ඒ නිසා නෙමෙයි. ඇය හදපු එක පුතෙක් ( දුටුගැමුණු රජු) රට බේරගත්ත නිසා. හැබැයි මං මේ කියන ඔබ නොදන්නා ගිමාරා වීරකෝන් රත්නායක කියන මාතාව මේ රට නිදහස් කරපු පුත්තු දෙන්නව හැදුවා. ඇය තමයි මහින්ද රාජපක්ෂ සහා ගෝඨාභය රාජපක්ෂ මෙලොවට බිහිකරපු මාතාව. ඇය නුතන විහාරමහාදේවිය නොවන්නේ …? ඒ නිසා ඒ නුතන විහාරමහා දේවියට මම කැමතියි.

6 මගේ හැම හුස්මක් ගානෙම ඇය ඉන්නවා. – නිලූ එරන්දි.

මට ඉන්න හොදම රසිකාවිය. මගේ හොදම යාළුවා. ඇය ලංකාවේ නෙමෙයි ඉන්නේ. යුරෝපයේ. මගේ උපන්දිනය, මගේ වැදගත් දින, වැරදුනු දින, හරිගිය දින, මේ ඔක්කොම ඇයට කටපාඩම්. ඈතට වෙලා ඇය බලාගෙන ඉන්නවා. මගේ හැම හුස්මක් ගානෙම ඇය ඉන්නවා.එක හරි පුදුම ආදරණිය මිතුදමක්.

7 ප්‍රේමය, රාගය හා වේදනාව උගන්නපු අය…

මම ප්‍රේම සම්බන්ධතා ගොඩකට මුහුණ දුන්න, උරුම කියපු කෙනෙක්. ගොඩක් පිරිසක් නොවුනට,එය මහා නොවුනට, එය ගොඩක්… මේ හැමෝම අදටත් මට කතාකරනවා. එයිනුත් ලස්සනම දේ තමයි.. ඔබ ඇහුවොත් මගෙන් ඒ අහවල් කෙනාද…ඒ අරයද කියලා. මම කියනවා නෑ. ඒ මගේ සහෝදරියන් කියලා. ඔවුන්ගෙන් ඇහුවොත් කියයි. නෑ. ඔහු අපිට සහෝදරයෙක් කියලා. නමුත් අපි පමණක් දන්නා සැමරුම් තවමත් මා ළඟ තියෙනවා. ඒ නිසා මා සමඟ ප්‍රේමයෙන් බැදුණු සියලුම දෙනා ලෝකෙටම හොරෙන් අදටත් මට කතාකරනවා. වෙන දේවල් කියනවා. දුක සැප කියනවා. ඒ නිසා මේ අංක 8න් එක ඉලක්කමක් මම වෙන් කරනවා මට ආදරය කළ, මට ප්‍රේමය උගන්වපු, මට රාගය උගන්වපු, වේදනාව උගන්වපු වෙන්වීම් සමුගැනීම් මේ හැමදේම කියලා දුන්නු ඒ ආදරණිය සියලු දෙනා වෙනුවෙන්.

8 හෙට දිනයේ පැමිණෙන ඇය…..?

මනුස්සයෙක් හැටියට ආදරය, ප්‍රේමය කියන දෙයට හැමෝම වගේ මමත් බොහොම කැමතියි. මම ආදරය කරන්නේ ජීවිතෙන්. මාව දන්නා අය දන්නවා. කොයි වෙලාවෙත් හිරිගඩු පිපෙනවා මට ආදරේ දැනෙනකොට. නමුත් මේ මොහොතේ මම තනිකඩයෙක්. ඒ නිසා 8 වැනියා මේ කියවන ඔබ විය හැකියි. ඔබ තරුණියක්නම්, ගැහැණියක්නම් 8 වැනි තැන මං හිස්ව තබනවා. හෙට දින ඇය ඒවි. එතකන් මං බලන් ඉන්නවා. ඇය ජීවිතය සමරාවි මා එක්ක. සමහරවිට මරෙනකන්ම මගේ ළඟ ඉඳීවි. සමහරවිට මගදී අපි වෙන්වේවි. කොහොම උනත් 8වෙනියා අරවින්ද යායේ ඊලඟ මල වෙන්න පුළුවන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!