තරු හුට පට

ලොව සමෘද්ධිමත්ම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2

ලොව සමෘද්ධිමත්ම රටවල් අතර දකුණු ආසියාවේ පළමු තැනට  ශ්‍රී ලංකාව පත්ව තිබේ.

2015 ලෝක සමෘද්ධි දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතර ඉහලින්ම පසුවන බව සඳහන්ය.

රටවල් 142ක් යොදාගනිමින් වර්ගීකරණ 08ක් යටතේ ලන්ඩනය පදනම් කරගත් ආයතනයක්  එම අධ්‍යයනය සිදුකර ඇත.

ඒ අනුව ලෝක සමෘද්ධි දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 61 වන ස්ථානයේය.

රටේ ජනතාවගේ යහපැවැත්ම, ආර්ථිකය, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, සුරක්ෂිතතාව, පුද්ගල නිදහස සහ සමාජ ප්‍රාග්ධනය පිළිබඳ මෙහිදී සැලකිල්ලට ගත් බව  අධ්‍යයනය සිදුකළ සමීක්ෂණ ආයතනය පැවසුවේය.

පසුගිය වසරේ  ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 62වන ස්ථානයේ පසුවු අතර 2013 වසරේ 60 වන ස්ථානයේත්, 2012 වසරේ 58 වන ස්ථානයේත් පසුවූණි.

නෝර්වේ රාජ්‍යය ලොව සමෘද්ධිමත්ම රටවල් අතර පළමු තැන පසුවන අතර දෙවන තැන පසුවන්නේ ස්විස්ටර්ලන්තය වෙයි.

අසල්වැසි ඉන්දියාව ලෝක සමෘද්ධි දර්ශකය තුළ 99 වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානය 130 වන ස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානය 140 වන ස්ථානයේ පසුවෙයි.

චීනය පසුවන්නේ මෙම දර්ශකයේ 52වන ස්ථානයේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!