Gossip

අපි දෙන්නම එකටම පිටියෙන් සමුගනීවි – මාලිංගගේ සැර කතාව

 

තමාන් ක්‍රිකට් පිටියෙන් සමුගැන්ම පිළිබඳව සති අන්ත පුවත්පතක පළවී තිබූ මාලිංග සමග කළ සාකච්ඡාවකි.

‘තියෙන ආබාධයන් එක්ක දිගු ඉනිමක් සහිත තරග ක්‍රීඩා කරන්න අමාරු වේවි. ඒත් හැකි පමණ උත්සාහ කරනවා. කවදත් මම කුමන චෝදනා එල්ල කළත් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ. ඒත් හැබැයි දක්ෂතා නැතුව කණ්ඩායමේ රැඳී සිටින්න අදහසක් නැහැ. මොකද ස්ථානය නවකයකුට නොදී එසේ ක්‍රීඩා කිරීම හරිම අසාධාරණයි කියන මතයේ මම ඉන්නෙ‘…

‘2004 සිට ජාතික පිලට ක්‍රීඩා කරන මම අවුරුදු 13ක් තිස්සේ ජගත් ක්‍රීඩා පිටියේ සිටියා. කොහොම වුණත් පසුගිය වසරක කාලයක් විතර ආබාධය නිසා පිටියෙන් ඈත්වී සිටියෙ. ඒත් මම කළේ මගේ ක්‍රීඩා කරපු තරගවල වීඩියෝ නරඹමින් සිට ඒගැන වැඩිපුර අධ්‍යයනය කිරීමයි. කොහොමත් කුලසේකරත් මමත් එකට ජාතික පිලට ආවේ. අපි දෙන්නම එකටම පිටියෙන් සමුගනීවි යැයි ද මාලිංග පැවසුවේය.

තම නායකත්වය යටතේ 2014 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රාහණය කළ දා කිසි දිනෙක අමතක නොවන බවද ඔහු කියා තිබුණේය.

‘වසර දෙකක් ගිහිල්ලත් ඒක අපි ලොකුවට ශබ්ද නොකළට අමතක නැහැ. මගේ අතේ මම එම දිනය ගහ ගෙන ඉන්නේ. මොන දේ කළත් අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඕන කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒත් අපි දන්නවා අපි කරන දේ නිවැරදි බව යැයි මාලිංග පැවසීය‘.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!