Gossip

හිමාල සෘෂිවරයෙක් දින හතරක් ජපකළ සංගක්කාර පළඳින විශ්මිත සුරය මෙන්න

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉහළම ස්ථානයේ සිටින ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුලද සංගා නොමැකෙන වාර්තා රැසක් සමග සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියයි. ලොව බිහි වූ දක්ෂ නායකයෙකු, පිති කරුවෙකු සහ කදුළු රකින්නෙකු ලෙස සංගා නමක් දරාගෙන සිටියි.

සංගා ජාත්‍යන්තර තරංග මෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ වන විට සංගා විදේශ රටවල ප්‍රාන්ත නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටිනවා. තවමත් තම සුපුරුදු දක්ෂතා අතර සිටින සංගා ගැන ක්‍රිකට් ලෝලීන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ද නිරතුරු අවධානයෙන් පසුවේ.

කෙසේ වෙතත් සංගා ගැන ඉන්දීය වෙබ් අඩවියක් අමුතුම වාර්තාවක් කර තිබුනා. ඔවුන් පවසන්නේ සංගාගේ කරේ පලන්දාගෙන සිටින සුරය පිලිබඳව ය.

මෙම සුරය සංගාට මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයකදී හිමාල අඩවියේ වාසය කරන සෘෂිවරයෙකු විසින් පළඳා ඇති බවය. සංගා මෙම සුරය සෑම තරඟයක් අතරතුර සහ විශේෂ අවස්ථාවල පළඳින බවත් වාර්තා වෙනවා. ලොව සුපිරි ධනවතුන් සහ සුවිශේෂී පුද්ගලයන් විසින් මෙම සුරය පළඳින බව වැඩි දුරටත් වාර්තා වනවා. සෑම වසර දෙකකට වරක් මෙම සුරය අලුත් කරගැනීමට සිදුවන බවත්, ඒ සඳහා සුවිශේෂී වත්පිළිවෙත් අනුගමනය කලයුතු බවත් සදහන්.

මෙහි විශේෂත්වය වන්නේ හිමාලයට පමණක් අවේනික වූ ශාක වර්ග හයසිය හතලිස් අටකින් සාදා ගත් තෙල් වර්ගයක් මේ සඳහා යොදා ගැනීමයි.එමෙන්ම රනින් නිමවා ඇති මෙය දින තුනක් පුරා ජප කිරීමෙන් පසු පුර පසළොස්වක දිනෙක අලුයම් කාලයේදී මෙය පලන්දවන්නේ සුවිශේෂී කාර්යන් සහ වත් පිළිවෙත් රැසක් ඉටු කිරීමෙන් පසු බවයි. සංගාට මෙම කාර්ය සඳහා ඔහුට හිතවත් ඉන්දියානු සුපිරි ක්‍රීඩකයෙකුගේ මගපෙන්වීම සිදුව ඇති බවත් වාර්තා වෙනවා. මේ ගැන ජාත්‍යන්තර අවධානය මේ වන විට වැඩියෙන් යොමුව ඇති බවත් සඳහන්.
සංගා මෙම සුරය පලන්දාගෙන සිටින අවස්ථා ගණනක ඡායාරූප මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.

35-4 36-5-1024x576 37-4 41-2

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!