Gossip

“ශ්‍රි ලංකාවේ අභිරහස් පන්දු යවන්නා කෙවින් ” ගැන විදෙස් මාධ්‍ය වල අවධානය

අසාමාන්‍ය පන්දු යැවිමේ ඉරියව් සහිත පන්දු යවන්නන් ගැන ප්‍රතිවාදී කණ්ඩායම්වල පමණක් නොව ක්‍රීඩාලෝලීන්ගේ ද දැඩි අවධානය යොමුවෙයි. ගාල්ල මහින්ද විදුහලෙන් බිහිවූ 18 හැවිරිදි කෙවින් කොත්තිගොඩ පසුගියදා මැ‍ලේසියාවේ දී අවුරුදු 19න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරද්දී කවුරුත් ඔහු ගැන කතා බහ කරන්නට පටන් ගත්තේ අනූව දශකයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දකුණු අප්‍රිකාවෙන් බිහිවූ එවැනිම අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව් සහිත දඟපන්දු යවන්නා වන පෝල් ඇඩම්ස්ට සමාන කරමිනි.

ගාල්ල, උණවටුන ප්‍රදේශයේදි 1998 ඔක්තෝබර් මස 4 වැනිදා උපන් කෙවින් හිස පහළට දමාගනිමින් අසාමාන්‍ය අංග ලක්ෂණ විදහා පාමින් දකුණතින් පාදඟපන්දු යවද්දී ඒ ඉරියව් පිළිබඳ ඉන්දීය පුවත්පත් ඉහළින්ම වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අසාමාන්‍ය අභිරහස් පන්දු යවන්නා නමින් කෙවින් හඳුන්වමින් පළ කර ඇති පුවත්පත් වාර්තා ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටි‍යේ අවධානය දිනාගැනීමට ඉවහල් වී තිබේ.

ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩගේ පන්දු යැවීමේ අසාමාන්‍ය ඉරියව්ව පිළිබඳ විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබේ.

18 හැවිරිදි කෙවින් කොත්තිගොඩ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.
කෙවින් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩක ධම්මික සුදර්ශන ප්‍රකාශ කර ඇත්තේ කෙවින්ගේ මෙම අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව කිසිවෙකුගේ විසින් පුහුණු කරන ලද්දක් නොවන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!