Gossip

කතරගම වන්දනා කරන බැතිමතුන්ට දඩ මස් සපයන මස් වැද්දන්ගේ ජාවාරම හෙළිවෙයි

කතරගම පෙරහර කාලය ආරම්භ වීමත් සමග ගොඩක් බැතිමතුන් පෙරහර බලන්න කතරගම පුදබිමට රැස්වෙනවා. මේ අතරෙ ඉන්නවා විනෝදය සදහා පැමිණෙන උදවියත්. මෙහෙම පැමිණෙන පුද්ගලයින්ට දඩ මස් විකිණීම හරිම ලාභදායී දෙයක්.

ඒ හින්දම කතරගම වන්දනා සමයේ මහා පරිමාණ ලෙස දඩමස් ජාවාරම සිදුකිරීමට සූදානම් බවට හෙළිදරවු වනවා. මේ බව පවසා සිටියේ තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයෙන්.

ඒ අනුව රහස් පොලිස් කණ්ඩායම් රැසක් උත්සව සමයේදී කතරගම, තිස්සමහාරාමය, හම්බන්තොට, අම්බලන්තොට, තණමල්විල, වැල්ලවාය, බුත්තල සහ මොණරාගල යන ප්‍රදේශවලට යැවීමට තීරණය කළා.

ඊයේ (12දා) සිට එම වැටලීම් ආරම්භ කළා. තරාතිරම නොබලා මස් වැද්දන්ට දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශයෙන් කියා සිටියා

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!