Gossip

තාත්තාගේ සංගීත පංතියේ හොඳම සිසුවිය සමඟ පෙමින් බැඳුනු කසුන් පැස්කුවල් ආදර අන්දරය හෙළි කරයි – Photos

කීර්ති පැස්කුවල් කියන්නේ අපේ රටේ සංගීත ලෝකයේ ඉහළින්ම සිටින ආදරණීය ගායකයෙක්.
ඔහුගේ පුත් කසුන් පැස්කුවල් ජීවිත සහකාරිය විදිහට තෝරගෙන තිබුණේ ඔහුගේ පියා විනිශ්චයකරුවෙකු ලෙස සහභාගීවු දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරගයේ තරගකාරියක්.
ඇය නමින් චේතනා. ඔවුන්ගේ ආදර කතාව සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

කසුන්ට චේතනා දැනගන්න ලැබෙන්නෙ ?
චේතනාව මට මුලින්ම දකින්න ලැබෙන්නෙ මගේ තාත්තගේ සංගීත පන්තියේ ශිෂ්‍යාවක්‌ විදිහට.ඒ 2008 වර්ෂයේ. ඔය අතරේ ඇය දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් තරගයෙන් ඉදිරියට යද්දි සංගීත පන්තියේදී චේතනාව නිතරම පුහුණුවීම්වලදී දකින්න ලැබුණා. ඒත් ඇය මගේ පෙම්වතිය කරගන්න සිතුවිල්ලක්‌ තිබුණේ නැහැ.

දෙදෙනා අතර සමීප ඇසුරක්‌ ගොඩනැගෙන්නේ ?
එක්‌තරා කාලයක තාත්තගේ සංගීත පන්තියේ ළමයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රසංගයක්‌ කරන්න කටයුතු සූදානම් කළා. ඒ කාරණය එක්‌ක නිතරම චේතනාටයි මටයි එකට වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කාල වකවානුව අපි දෙන්නට අපි තේරුම් ගන්න හොඳ ඉඩක්‌ ලබාදුන්න කාලයක්‌ වගෙයි මම හිතන්නේ. අපි දෙන්නගේම අදහස්‌වල තිබුණ සමානකම් එක්‌ක අපි බොහෝ තැන්වලදී එකගතාවයකින් වැඩ කරන්න පටන් අරන් තිබුණා. ඇත්තම කියනවා නම් අපි දෙන්න අතර තිබුණ බොහෝ සමානකම් අපි එකිනෙකාට ළං කරල තිබුණා.

එතැනින් ආදර කතාව ඇරඹුණා ?
කාලයත් එක්‌ක අපි දෙන්නම එකම හැගීමකට ඇවිත් තිබුණා. දෙන්නගේම හිත්වල දෙදෙනා කෙරෙහි ආදරයක්‌ ඇතිවෙලා කියල අපි දෙන්නම තේරුම් අරන් හිටියේ. නමුත් මුලින්ම ආදරය ප්‍රකාශ කළේ මම. ඒ වෙද්දි ඇගේ හිතෙත් ආදර හැගුම් තිබුණත් එයා එකහෙලාම මගේ ආදරය පිළිගත්තේ නම් නැහැ.

ගැහැනු හිත්වල ඔයවගේ ඉල්ලීම් ඉදිරියේ ඇතිවන පුංචි අහංකාර හැගුමක්‌ද ඒ ?
ඒක අහංකාරකමක්‌ පෑමක්‌ නෙවෙයි. චේතනා තුල ගුරුවරයෙක්‌ විදිහට මගේ තාත්තා ගැන විසල් ගරුත්වයක්‌ තිබුණා. ඒ හැගීමත් එක්‌ක තාත්තාගේ ආශිර්වාදයකින් තොරව මගේ ආදරය පිළිගන්න ඇය සූදානම් වුණේ නැහැ.

ඉතින් ගුරුතුමාගෙන් තමන්ගේ හොදම ශිෂ්‍යාවට ආශිර්වාද ලැබුණාද ?
තාත්තා බොහොම වෙනස්‌ විදිහට හිතන කෙනෙක්‌. තාත්ත කවදාවත් මෙවැනි ප්‍රේම සම්බන්ධතාවයක්‌ ගැන පටු විදිහට හිතන කෙනෙක්‌ නෙවෙයි. ඇය තාත්තගේ හොදම සිසුවිය වීමම නොවෙයි. චේතනා ළග තියෙන හොද ගතිගුණ නිසාම තාත්ත ඇය තමන්ගේ ලේලිය වෙනඑක සතුටින් දරාගන්න ඇති කියල මම හිතනවා.

පළමුව ප්‍රේමය ඉන්පසු විවාහය ?
අපි දෙන්නගේම පවුල්වල අය දන්න හදුනන නිසා අපිට හැමෝගෙන්ම ආශිර්වාද ලැබුණා. අපි හදුනාගෙන නම් ලොකු කාලයක්‌ ගතවෙලා තිබුණානේ. අපි පෙම් කරන්න පටන් අරන් අවුරුදු එකහමාරක්‌ විතර වෙද්දි අපි දෙන්න තීරණය කළා විවාහ වෙන්න.

මේක බාධක දුක්‌ කම්කටොලු තොර ප්‍රේම කතාවක්‌ ද ?
එහෙම වුණේ නැහැ. අපි දෙන්නටත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒ හැම ප්‍රශ්නයකදීම අපි දෙන්න හොද අවබෝධයකින් ජීවිතය පරිහරණය කළනිසා අපිට ඒ දෙවල් පරාජය කරන්න හැකිවුණා.

ආදර හිතකින් කුළුඳුළේ දෙන තිළිණය ආදර හිත්වල සදාකාලික මතක සටහන් ඉතිරි කරනවා නේද ?
අපි ආදරය කරන්න පටන් ගත්තාට පස්‌සෙ මම චේතනාට ඉස්‌සරවෙලාම දුන්නේ රන් මාලයක්‌ සහ පෙන්ඩන්ට්‌ එකක්‌. එයා විදේශ සංචාරයක්‌ ගිහින් එද්දි මට වටිනා සුවද විලවුන් වර්ගයක්‌ තිළිණයක්‌ විදිහට අරන් ඇවිත් තිබුණා.

අද වෙද්දි සංගීතයට අපූරු හැකියාවන් දරාගෙන සිටියත් ඔබ දෙදෙනාම සංගීතයෙන් පිට වෘත්තීන් තෝරාගෙන නේද
ඔව් අපි දෙන්නම සංගීතය අපේ ප්‍රධාන ජීවන වෘත්තිය කරගෙන නැහැ. අපි දෙන්නම පෞද්ගලික අංශයේ රැකියාවන් කරනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය සංගීතය කර නොගැනිම නිසා අපිට සංගීත නිර්මාණයක්‌ කරද්දි තෝරා බේරාගෙන අපි කැමැති විදිහේ හොද නිර්මාණ කරන්න අවස්‌ථාව ලැබෙනවා කියා අපි දෙන්නම විශ්වාස කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!