Gossip

ප්‍රභාකරන්ව මැරුවේ නෑ…..

karuna

 

හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

ඉන්දීය පුදියතලෙයිමුරෙයි රූපවාහිණී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ

එසේම ප්‍රභකාරන්ගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරකන් මියිගිය බවද  ඔහු එහිදී සඳහන් කර ඇත.

තවද වේලුපිල්ලේ ප්‍රභාකරන් තමා කුඩාකාලයේ සිට හොඳින් දන්නා පුද්ගලයෙකු බැවින් ඔහු හමුදාවට හසුවීමට කිසිවිටෙකත් ක්‍රියා නොකරනු ඇති බව ඔහු පවසා තිබේ.

එම නිසා තමාගේම පිස්තොලයෙන් වෙඩි තබාගෙන වේලුපිල්ලේ ප්‍රභාකරන් සියදිවි හානි කරගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බව එම සම්මුඛ සාකච්ඡාවේදී විනයාගමුර්ති මුරලිදරන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!