Gossip

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරයට ගිය ජනතා නියෝජිත දෙපළකට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කළ සේවය අගයා සමරු තිළිණයක් පිරිනමයි – Photos

ඕනම දේකදි අපි මුල් තැන දෙන්නේ අපේ ආගමට.

බුදුන් වහන්සේ වදාල ධර්මය අනුව අපි හරි දේ කළොත් කවදාවත් වරදින්නේ නෑ.

අපි මේ විදිහට කියන්න හිතුවේ ජනතාව වෙනුවෙන් කළ සේවයක් අගයා දකුණු කොරියාවේදී තේගු නගරයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා විසින් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියට වගේම කාංචන ජයරත්න මහතාට ලබාදුන් සමරු තිළිණයක් නිසා.

පසුගියදා පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය හා කාංචන ජයරත්න මන්ත්‍රීවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරතවී තිබෙනවා.

එම සංචාරය අතරතුර ඔවුන් තේගු නගරයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේදීයි මෙම සමරු තිළිණය ඔවුන්ට පිරිනමා තිබුණේ. ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සභාපතිතුමාගේ සුරතින් මෙම සමරු තිළිණය පිරිනමා තිබුණා.

මෙම අවස්ථාවෙන් පසුව විහාරස්ථානට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ සුවදුක් විමසීමටද කාංචන ජයරත්න මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමතක කර තිබුණේ නෑ.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම ලබන මස 7 සහ 8 වැනි දින පැවැත්වීමට නියමිත බවයි පූජ්‍ය විජිතවංශ හිමියන් අප සමඟ පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!