Gossip

කමල්අද්දරආරච්චිගේ කැරැට්ටුව බිරිඳ හෙළි කරයි

කමල් අද්දරආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක්.
ඔහු රඟපෑ චරිත අදටත් අපේ සිත් තුළ රැඳී තිබෙනවා. ඔහුව අපි නිරතුරුවම දකින්නේ රිදී තිරය හරහායි. තිරය පිටුපස ඔහුගේ චරිතය ගැන ඔහුගේ බිරිය අනුරානි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

පෙම්වතා කාලේ කමල්
හරිම හොඳ ගතිගුණ තියෙන ආදරණීය පෙම්වතෙක්.

සැමියා වුණාට පස්සේ
ඒ තිබුණු ආදරේ අඩුවක් වුණේ නෑ. ඒ ආදරේ එදා වගේමයි. හැබැයි පෙම්වතා කාලෙට වඩා දැන් එයා ටිකක් කාර්යබහුලයි.

තාත්තා කෙනෙක් විදියට
එයා තාත්තා කෙනෙක් විදියට මම තරම් නම්‍යශීලී නෑ. ළමයින්ට ටිකක් තදින් ඉන්නවා. හැබැයි ළමයින්ට ගොඩක් ආදරෙයි.
මම හැමදේම හොයලා බලලා කරන නිසා කමල්ට නිදහස තියෙනවා. ළමයි වුණත් මොකක් හරි කියන්න තියෙනවා නම් මුලින්ම කියන්නේ මට. ඒක මම ගාණට බැලන්ස් කරලා කමල්ට කියනවා.

කමල් වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්. අපි යාළුවෙලා හිටපු කාලේ ඉඳන්ම කමල් වගකීමක් ඇතුව වැඩ කරපු කෙනෙක්. හැබැයි දැන් ඊටත් වඩා වගකීම් සහගතයි.

කමල්ට දුකක් දැනුණම
කමල්ට මොකක් හරි දුක හිතෙන දෙයක් වුණොත් එයා ඇත්තටම දුක් වෙනවා. මොකද එයා හරිම කරුණාවන්තයි. එයා අන්තිමට ඇඬුවේ අපේ අම්මා නැතිවුණු දවසේ. ඒ වෙලාවේ එයාට ඇඬුණා.

සතුටු හිතුණාම
කමල් හැම තිස්සෙම ඉන්නේ සතුටින්. එයා ජීවිතේ බර ලොකුවට හිතට ගන්න කෙනෙක් නෙවෙයි.
හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. මං ඒකේ අනෙක් පැත්ත. මං හරියට දේවල් ගැන හිතනවා. කමල් මට කියනවා එහෙම වෙන්න එපා කියලා. එයා මගේ බර්ත්ඩේ එක දවසේ සප්‍රයිස් එකක් දුන්නා. එදා ගොඩක් සතුටු වුණා. ඒ වගේම මම කමල්ගේ බර්ත්ඩේ එක දවසෙත් සර්ප්‍රයිස් එකක් දුන්නා. එදත් එයා ගොඩක් සතුටු වුණා. මොකක් හරි ලොකු සතුටක් දැනෙන දෙයක් වුණොත් එයා මට කියනවා.

කේන්ති ගියාම
කමල්ට කේන්ති යනවා අඩුයි. හැබැයි කාත් එක්ක හරි මොකක් හරි දේකට කේන්ති ගියොත් ඒ කෙනාට මූණටම කියන්න තියෙන දේ කියනවා.
ඒ දේ ඒ වෙලාවට විතරයි. කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නෑ. ඊට පස්සේ හොඳට කතා කරනවා ඒ කෙනා එක්ක.

කමල් නිවාඩුවක් ලැබුණොත් මොකද කරන්නේ..?
කමල් කැමැතියි ගෙදරට වෙලා අපිත් එක්ක ඉන්න. මොකද එයා දන්නවා මම ඒකට කැමැතියි කියලා.
අපි කට්ටියව එක්කගෙන හොටෙල් එකකට යනවා. කමල් නිතරම අපේ සතුට ගැන හිතන කෙනෙක්.

කමල් ජීවිතේ ගැන සුබවාදී විදියට හිතන කෙනෙක්ද?
කමල් ජීවිතේ ගැන හරියට සුබවාදීව හිතන කෙනෙක්. අසුබ පැත්ත ගැන හිතන්නෙම නෑ. එයා දේවල් වැඩිය ඔළුවට ගන්න කෙනෙක් නෙවෙයි. ඒක එදා ඉඳන්ම එයාගේ තියෙන ලක්ෂණයක්.

කමල් වෙන කෙනකුගේ අකැමැති ගති ලක්ෂණ
එයා එහෙම අකැමැතියි කියලා දෙයක් නෑ. මොකද එයා තේරුම් ගන්නවා එක එක්කෙනාගේ ගති ලක්ෂණ විවිධයි කියලා. ඒ නිසා එයා ඒ දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ.

කමල්ගේ ඔබ කැමැතිම ගතිගුණය
එයා නිතරම සතුටින් ඉන්නවානේ. ඒ දේට මම ආසයි. මොකද එයා සතුටින් ඉන්න කොට අපිත් සතුටින් නේ.

කමල්ගේ ඔබ අගයන දක්ෂතා
කමල්ට රඟපෑමට අමතරව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය පැත්තෙන් හොඳ දක්ෂතාවක් තියෙනවා.
එයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් හොඳම කෙටි චිත්‍රපටය විදියට තේරුණාට පස්සේ තමයි මට හිතුණේ කමල්ට ඒ පැත්තෙනුත් හොඳ දක්ෂතාවක් තියෙනවා කියලා.

විලාසිතාවලට කමල්ගේ තියෙන කැමැත්ත
කමල් ලස්සනට ඇඳුම් අඳිනවා. හැබැයි ලොකුවට ඒ දේවල් ගැන උනන්දු වෙන්නේ නැහැ. මම තමයි එයාව විලාසිතාවලට උනන්දු කරවන්නේ.

කමල් ඇබ්බැහි වෙලා තියෙන දේවල්
ෆේස් බුක් එකට ටිකක් ඇබ්බැහි වෙලා හිටියා. දැන් මම කියලා කියලා ඒක අඩුයි. දැන් එයයි මගේ තාත්තයි දෙන්නම එකතු වෙලා ක්‍රිකට් මැච් බලනවා දිගටම. ඒකට දැන් එයා වැඩිපුරම ඇබ්බැහි වෙලා තියෙන්නේ.

කමල්ට ගැළපෙනම නිළිය
මම හිතන්නේ සංගීතා වීරරත්න. මොකද ඒ දෙන්නා රඟපාපු චිත්‍රපටත් ගොඩක් ජනප්‍රිය වුණා.

රංගනය තෝරා නොගත්තොත් කමල් මොන වගේ ක්ෂේත්‍රයක් වෘත්තියට තෝර ගනියිද?
බිස්නස් තමයි. මොකද කමල්ට බිස්නස්වලට ලොකු දක්ෂතාවක් තියෙනවා.

කමල් ගැන ඔබට අහන්න ලැබුණු නරකම ආරංචිය
එහෙම නරක දෙයක් නම් ආරංචි වෙලා නෑ. එහෙම ආරංචි ආවත් මම ඒවා ගණන් ගන්නේ නෑ.
මොකද මම ඒ දේවල් විශ්වාස කරන්නෙත් නෑ. කමල් ඒවා ගණන් ගන්නෙත් නැහැ. ඒවා පස්සෙන් යන්නෙත් නැහැ.

කමල් ගැන අහන්න ලැබුණු හොඳම ආරංචිය
කමල්ට හොඳම අධ්‍යක්ෂණයට සම්මානය හම්බවුණ වෙලාවේ සතුටු වුණා. “නිහඬ ලිපිය” චිත්‍රපටයට තමයි කමල්ට ඒ සම්මානය ලැබුණේ. ඒක තමයි හොඳම ආරංචිය.

කමල්ගේ අපි නොදන්න රහස්
කමල් කියන්නේ හරිම සාමාන්‍ය චරිතයක්. කොහෙ හරි එළියට යන්නෙ වුණත් හරිම සාමාන්‍ය විදියට. ඒ වගේම හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්.

උපුටා ගැනීමකි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!