Gossip

තාත්තාගේ තීරණයට අපි කැමති වුණා, අපි තුන්දෙනාගේ මරණය ඔහු දකීවි – කඹුරුපිටියම හැඬවූ මරණයට හේතුව හෙළි වෙයි

කඹුරුපිටියම කම්පා කරමින් පසුගියදා සියදිවි නසාගත් පියා සහ දරු තිදෙනාගේ මරණ තම කැමැත්තෙන් සිදුකරගත් බවට සාක්ෂි මේ වනවිට ලැබී තිබෙනවා.
එලෙස ජීවිතයෙන් සමුගත්තේ බෙරලිඅතුර පැත්තේ දුප්පත් පවුලක පියෙක් සහ දියණියන් දෙදෙනෙකු හා පුතෙක්..
මෙම පවුලේම තවත් පුතෙකු ශාසනය බබලවන්නට සසුන්ගත වී තිබෙනවා.
අනියම් ඇසුරක් ගැන ඇතිවුණු ප්‍රශ්නයක් නිසා බිරිඳ හා සැමියා දරුවන් හැරගොස් තිබෙන්නේ මීට මාසයකට විතර කළින්.
ඉන් පසුව ජීවත් වෙන්න හරි ආදායමක්ද නැතිව ඔවුන් දුෂ්කර ජීවිතයක් ගතකර තිබෙනවා.
මේ අවාසනාවන්ත සිද්ධිය වෙන්න දින කිහිපයකට කළින් සසුන්ගතවූ බාල පුතු නිවසට පැමිණ ඇති බවද වාර්තා වනවා.
අපිට පාසල් යන්න විදිහක් නැහැ. මිනිස්සු කතා කියනවා. තාත්තා කෑවේ බිව්වෙත් නෑ. පොඩි සාදු ගෙදර ආවා.. තාත්තා ගත්තු තීරණේට අපිත් කැමති වුණා. අපි තුන්දෙනාගේ මරණය ඔයා දකීවි.”
යනුවෙන් එක් සොයුරියක් සසුන්ගත වූ තම සහෝදරයාට සටහනක් ලියා තිබෙනවා.
රත්තනපුර පැත්තේ විහාරස්ථානයක පූජ්‍ය සුදත්ත හිමියන් නමින් සසුන්ගතව සිටින තම සොහොයුරාට එක් සෙයුරියක් දුරකථන ඇමතුමක් දී සියදිවි හානිකරගන්නා බවට කීවද එය එක්වරම විශ්වාස නොකළ බවද ස්වාමීන්වහන්සේ විසින් පවසා තිබෙනවා.
දරුවන් දෙදෙනා විසින් ලියන ලද ලිපි කඹුරුපිටිය පොලිසියට ඊයේ හමුවුණු අතර එය සැක සහිත වන්නේ මරණය කල් තියා සැලසුම් කර ඇති දෙයක් බවට පෙනී යන නිසයි.
බිරිඳට තම දේහය පෙන්වීමට එපා යැයි කියා මියගිය පියා විසින් සටහනක් ලියා මුද්දරයක් උඩ අත්සන් කළ ලිපියක්ද පොලිසියට හමුවී තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!