Gossip

ජනප්‍රිය ගායන ශිල්පී ජූඩ් රොගන්ස් සීදූව සකුරා සංගීත කණ්ඩායම හැර ගියේ ඇයි..? කටකතා මැද ජූඩ් ඇත්ත කතාව හෙළි කරයි

හිමාලෙට වඩා උසස් සෙනෙහස පපුකඳේ..
මේ ගීතය ඇසුනු ගමන්ම මතකයට එන ඒ මියුරු හඬින් රසික හදවත් ආදරයෙන් වැළගත් ජනප්‍රිය ගායන ශිල්පියා තමයි ජූඩ් රොගන්ස්.
සීදූව සකුරා සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පී ජූඩ් රොගන්ස් සීදූව සකුරා කණ්ඩායම හැරගිහින්.
ඒ ඇයි..? මේ ගැන ජූඩ් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

ජූඞ් රොගන්ස් හදිස්සියේම සීදුව සකුරා කණ්ඩායම හැරගිය කතාව ඇත්තක්ද?
ඒ කතාව ඇත්තක්. අවුරුදු දාහතරක් පුරාවට මම අජිත් අයියත් එක්ක වැඩකළා. සංගීත කණ්ඩායමේ වැඩ එක්ක මගේ වැඩටික කරගෙන යෑමේ පුංචි අපහසුතාවයක් ආවා.
ඉතිං මට තීරණයක් ගන්න වුණා සංගීත කණ්ඩායමෙන් අයින් වෙන්න.

එතකොට සීදුව සකුරා කණ්ඩායම සමග ප‍්‍රශ්නයක් ඇතිකරගෙන ඉවත්වුණා කියන කතාව බොරුවක්ද?
ප‍්‍රශ්නයක් ඇතිකරගත්තේ නැහැ. අනේ අපි රණ්ඩු සරුවල් කරගෙන නෙමෙයි ඉවත්වුණේ. ගොඩක් කටකතා පැතිරෙනවා අපි රණ්ඩු කළා. බැන ගත්තා කියලා.
එහෙම කිසිම දෙයක් නැහැ. පැහැදිලිම ඒ කතාව කියන්න ඕනෑ. මම ප‍්‍රසංග භාරගැනීම සහ ගෘහස්ථ ප‍්‍රසංග වගේම විදෙස් සංචාර සමග සංගීත කණ්ඩායමේ ප‍්‍රසංග වලත් වැඩ කරනකොට ලොකු ලොකු ගැටලූ මතුවනවා.
ඒ කියන්නේ ප‍්‍රවාහන අපහසුතා වගේම ප‍්‍රමාදවීම් සිදුවෙනවා. එතකොට සංගීත කණ්ඩායම පැහැදිලිවම අපහසුතාවට පත්වෙනවා.
ඒ හින්දා තමයි මම ඉවත්වුණේ. මොකද මම නැතිව ගියහම සංගීත කණ්ඩායම අපහසුතාවට පත්වෙනවා වගේම අජිත් අයියා අපහසුතාවට පත්වෙනවා ගණුදෙනුවලදී.
ඉතිං ඒකත් එක්ක අලූතෙන් කෙනෙක් මෙතැනට යෝජනා වුණා නම් හොදයි කියලා හිතලා තමයි ඉවත්වුණේ.

අවුරුදු දාහතක් හිටපු කණ්ඩායම දාලා යන්න දුකක් නැතිද?
මෙහෙමයි, අපිට ඕනෑම උසස් ස්ථානයක හිටියත් යන්න වෙලාව ආවහම යන්න වෙනවා.
ඒ ගැන දුක්වෙන්න නරකයි. මොකද අපි යන්නේ තමන්ගේ අනාගතය සකසාගන්නනේ.

ඔබේම කියලා සංගීත කණ්ඩායමක් පටන්ගන්නවා කියන කතාව බොරුවක්ද?
ඒ කතාව බොරුවක් තමයි. මගේම කියලා සංගීත කණ්ඩායමක් කවදාකවත් පටන් ගන්නේ නැහැ. මොකද ඒක කවදාකවත් වෙන්නේ නැහැ.
ඒ වගේම වෙන කිසිම සංගීත කණ්ඩායමකට යන්නෙත් නැහැ.

ඔබට මේ වෙලාවේ සංගීත කණ්ඩායම් රැසකින් ආරාධනා ලැබුණා කියන්නේ ?
ආරාධනා නම් එමටයි. නම් වශයෙන් කියන්න ඕනෑ නැහැ. සුපිරි ගණයේ සංගීත කණ්ඩායම් රැසකින් මට ආරාධනා ආවා.
ඒ වුණාට ඒ එකකටවත් මම යන්නේ නැහැ. මම අජිත් අයියාට පොරොන්දුවක් වුණා මොන මොහොතකවත් සීදුව සකුරා කණ්ඩායමෙන් ඉවත්වෙලා වෙන කණ්ඩායමකට යන්නේ නැහැ කියලා.

ඔබට හොදටම විශ්වාසද ආපහු සංගීත කණ්ඩායමකට යන්නේ නැහැ කියලා ?
ආපහු මැරෙනතුරාවට සංගීත කණ්ඩායමකට යන්නේ නැහැ.

අජිත් විතානගේ ඔබ ඉවත්වෙනවා කිව්වහම මොකද කිව්වේ ?
මම සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙනවා කිව්වේ මීට අවුරුදු හයකට ඉස්සරවෙලා. මම විදෙස්ගතවෙන්න ගියා ඒ වෙනකල් ඉදන් මම තව අවුරුදු හයක් සංගීත කණ්ඩායමේ වැඩකළා.
ඒ කාලවකවානුව ඇතුළත මම අජිත් අයියාට කියලා තිබුණා මෙහෙම ප‍්‍රශ්නයක් ආවොත් මට ඉවත්වෙන්න වෙනවා කියලා.
අජිත් අයියා ඒත් කිව්වේ හැකිතාක් කාලයක් අපිත් එක්ක ඉන්න බලන්න කියලා. බල කළේ නැහැ. එපා කියන්න කිව්වෙත් නැහැ. නායකතුමා ගේ යුතුකම තමයි යන්න එපා කියන එක.
අජිත් අයියාට යන්න එපා කියලා කියන්න අයිතියක් තියෙනවා. මම කිව්වේ මෙච්චර කාලයක් ඉදලා සංගීත කණ්ඩාමේ වැඩකළා.
සමහර වෙලාවට මම භාරගත්තු ප‍්‍රසංගවලට නොගිහිං බොරුකාරයෙක් වුණ අවස්ථාත් තියෙනවා. සංගීත කණ්ඩායමේ අන්තිම සෙෂන් එක වෙනකම් ඉන්නවා. පස්සේ පස්සේ බෑන්ඞ් එකේ මුල් සෙෂන් එකට ඉදලා ගියා. අජිත් අයියා කිව්වා අයින් වෙන්න එපා තව ටිකක් කල්පනා කරලා බලන්න කියලා.
මම හිතුවා මේ තමයි අයින්වෙන්න හොදම වෙලාව කියලා. ඕනෑම මනුස්සයෙකුට හැමදාම කියලා කාලයක් එන්නේ නැහැ.

ඔබේම කියලා ප‍්‍රසංගයක් පවත්වන්න සූදානමක් තියෙනවාද?
මගේම කියලා අම්මා කියන ප‍්‍රසංගයක් පසුගිය කාලේ කළා. රටවල් දෙකකින් විතර ඒ ප‍්‍රසංග කරන්න කියලා ආරාධනා ලැබුණා.
ඉතිං බෑන්ඞ් එකේ වැඩයි මගේ වැඩයි හින්දා පොඞ්ඩක් ඔය ප‍්‍රසංගයේ වැඩ අතහැරලා තිබ්බේ. දැන් මට නිදහසේ කල්පනා කරලා වැඩක් කරන්න කාලය තියෙනවා. ඉස්සර ලොකු ලොකු වැඩ කොටසක් කරනවා.

ජූඩ් රොගන්ස් කණ්ඩායමෙන් ඉවත්වෙනවා කිව්වහම අනෙක් සාමාජිකයෝ මොනවාද කිව්වේ ?
මම සාමාන්‍යයෙන් කට්ටියත් එක්ක ගොඩක් කතාබහ කළේ නැහැ. මොකද මාව බෑන්ඩ් එකට ගත්තේ අජිත් අයියා. ඉතිං අජිත් අයියා තමයි එතැන තීරණ ගත්තේ.
අජිත් අයියාටම තමයි මම අයින් වෙනවා කියලා කිව්වෙත්. මගේ යුතුකම ඒකයි. මම මගේ යුතුකම හරියටම ඉෂ්ඨ කරලා තියෙනවා. අජිත් අයියාටම කියලා පැහැදිලි කරගත්ත එක හොදයි කියලයි මට හිතෙන්නේ. මම කළේ හරි දේ. මොකද මාව බෑන්ඩ් එකට ගත්තේ ඒ නායක තුමාමයි. ඔහුට කියලාම තමයි ඉවත්වුණේ.

ඔබේම ගීත කිහිපයක් ළගදීම එළිදක්වනවා කියන්නේ ඇත්තද?
සීතල හීනයේ වැඩ අවසන් වුණා. ඉතිං තව සුළු කාලයක් ඇතුළත මේ ගීතය ඔයාලට බලාගන්න පුළුවන්. සෑහෙන දුරට සාර්ථක වේවි කියලා මම හිතනවා.

ඉදිරියේදී සංගීතය පැත්තෙන් මොනවගේ වෙනස්කම්ද කරන්න හිතාගෙන ඉන්නේ ?
දැන් මෙතෙක් කරපු ගීතවලට අමතරව රාගධාරී සංගීතය ඉගෙන ගත්තා.
ඒ ශෛලියෙන් මම තවම ගීත මොනවත් කළේ නැහැ. මම බැලූවේ එකෝස්ටික් පැත්තට යොමුවෙන්න. සින්දු ටිකක් හදාගන්නත් උනන්දුවක් තියෙනවා.
ශබ්ද පරිපාලනය පාඨමාලාවක් හැදෑරුවා. ඒ සම්බන්ධව තව වැඩිදුර හදාරන්න හිතාගෙන ඉන්නවා.

ඔබේම සංගීත කණ්ඩායමක් පටන්ගත්තොත් හොදයි නේද?
අපෝ කවදාකවත් සංගීත කණ්ඩායමක් පටන් ගන්නේ නැහැ. ඒක තමයි කරන ලොකුම මෝඩකම.

ඇයි එහෙම කියන්නේ. ඔබ ජනප්‍රියි නේ?
ජනප‍්‍රියයි කියලා සංගීත කණ්ඩායම් පටන් ගන්න එක තමයි ලොකුම මෝඩකම.මොකද තමන්ට තියෙන නිදහසත් නැතිකර ගන්න වැඩක්.

මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ ?
ආපු ගමන ගැන අදටත් හෙටටත් ස්තූති කරන්න ඕනෑ ෆ්ලෑෂ්බෑක් ශබ්ද පරිපාලක තුමා අමිලට. අමිල තමයි මාව අජිත් අයියාට හදුන්වලා දුන්නේ.
ඉතිං අජිත් අයියාත් එක්ක මේ තාක් දුර ආපු ගමන ගැන ස්තූති කරන්න ඕනෑ. සංගීත කණ්ඩායමටත් ඒ ස්තූතිය පිරිනැමෙන්න ඕනෑ. අජිත් අයියාට විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනෑ මාව මේ ලෝකවාසී ජනතාවට හදුන්වාදුන්නාට. අජිත් අයියාට අදටත් හෙටටත් ඒ ගරුත්වය තියෙනවා. ඉදිරියේදී සුබදායී වැඩ ටිකක් කරන්න ඕනෑ.

සීදුව සකුරා කණ්ඩායම සමග ආපහු සින්දු කියන්නේ නැතිද?
අනේ නැහැ. දැනටමත් මම සීදුව සකුරා අප්‍රේල් මාසයේ වැඩ භාරගෙන තියෙනවා. මැයි මාසයේ වැඩක් භාරගෙන තියෙනවා. ආපහු කොරියානු සංචාරයක් භාරගෙන තියෙනවා.
එහෙම කිසිම අමනාපයක් නැහැ. දැනටත් වැඩ භාරගෙන තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!