හොලිවුඩ්

ජෙනිෆර්ගේ නිරුවත පිටවන ලකුණු!

Jennifer Lopez, American Idol Season 14, Photo Credit: Michael Becker 11 22

පෞද්ගලික ජීවිතයේ ඇතුළාන්තය විදහා දැක්වෙන වීඩියෝ පටයක් නිසා ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝෆෙස් ලොකු අපහසුතාවකට පත්වෙලා. මේ වීඩියෝ පටයෙහි සටහන් වී ඇත්තේ ජෙනිෆර් නිරුවතින් සිටින දර්ශන කිහිපයක්. ඇගෙන් වෙන්වී සිටින ඔජානි නොවා නම් වූ ඇගේ පළමු සැමියා මේ දර්ශන රූගත කර තිබෙනවා. ඒ, මීට වසර 6 කට කලින්. ඔජානිගේ ව්‍යාපාරික හවුල්කරුවකු වන එඩ් මෙයර් අතට මේ වීඩියෝ දර්ශන ලැබිලා. ඔහු දැන් ලකලැහැස්ති වන්නේ මේ දර්ශන අන්තර් ජාලයට මුදා හරින්නයි.

කෙසේ වෙතත්, මේ දර්ශන ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබුණා. ඒත්, මෙයර් පවසන්නේ මීට කලින් ජෙනිෆර් මෙයට අදාළ පැමිණිල්ල ඇය විසින් ඉවත් කරගනු ලැබූ නිසා මේ දර්ශන ප්‍රසිද්ධ කළ හැකි බවයි.

මේ ගැන ආරංචි වූ ජෙනිෆර්ගේ රසික රසිකාවියන් රැසක්ම දැඩි කනගාටුවට පත්වී ඇතැයි පැවසෙනවා. ඔවුන් විමසන්නේ මෙයර් සහ ජෙනිෆර් අතර තවත් නිම නොවූ ගනුදෙනු කිහිපයක් තිබෙද්දී මෙවැන්නක් සිදු කරන්නට උත්සාහ දරන්නේ මන්දැයි යනුවෙන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!