Gossip

තාත්තා වරදක් කළා වුණත් මගේ තාත්තට කවුරු වුණත් මඩ ගහනවට දරුවෝ වුණු අපි කැමති නැහැ

ඉරාජ් වීරරත්න විසින් වික්ටර් රත්නායක මහතා අපහසුතාවයට පත්වන අයුරින් නිර්මාණය කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් සමාජජාලවල මේ දිනවල දැඩි විරෝධයක් එල්ල වනවා.
ශ්‍රී ලංකීක සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවකු වන වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට මඩ පරහක් ලෙස ඉරාජ් මෙම වීඩියෝව සිදු කොට තිබුණා.
ඒ තුලින් වික්ටර් රත්නායකයන්ට කැළලක් ඇති කීරීමට උත්සහය ගැනීම ගැන වික්ටර් රත්නායකගේ පුත් ජයන්ත රත්නායක දැඩි විරෝධයක් එල්ල කර තිබුණේ මෙලෙසින්.

ඉරාජ් කියන්නේ සංගීතඥයෙක් නෙමෙයි. බිස්නස්මන් කෙනෙක්. මම අපේ රටේ මධ්‍යයේ දකින දුර්වලතාවක් තමයි සංගීතය ගැන කතා කරන්නේ සංගීතය ඉගෙන ගෙන නැති සංගීතය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය.
ඉතිං ඒ වගේ අයත් ඉරාජ්ල වගේ අයට හොඳ හිට් එකක් දෙනවා.
ඇත්තටම ඉරාජ්ට ඕනි මොකක්හරි වීඩියෝවක් කරලා එක youtube දාලා ඇමරිකාවෙන් ලැබෙන සල්ලි ගන්න.
එයාට සංස්කෘතිය අදාළත් නැහැ. හිට් වෙන වීඩියෝ කරනන් ඕනෑ දෙයක් කරන්න සූදානම්. youtube එකෙන් අප්ලෝඩ් කළාම, නරඹන ප්‍රමාණයට අනුව ලොකු ගානක් ලැබෙනවනේ.
අද අපේ රටේ පාර්ලිමේන්තුවවේ ඉන්න සමහරු ඡන්ද පැරදුනු අය. අද සින්දු කියන්නේ මියුසික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ අනති අය.
අපේ තාත්තගේ සිද්ධිය විතරක් නෙවෙයි ඕනෑම සිද්ධියක් මුල් කරගෙන විඩියෝස් හදල මුදල් ඉපයීමේ පරමාර්ථයයි ඔහුට තිබෙන්නේ.
ඒ වගේ අය කලාකරුවන් නෙවෙයි. එවැනි අයට කලාකරුවන් කියනවට මම කැමති නැහැ. මෙහෙම දෙයක් තියෙනවා
සමහර මිනිස්සු කියනවා අපි තාත්තට සැලකුවේ නැති නිසා තාත්තා ඒ වගේ කෙනෙක්ගේ ආදරය පැතුවා කියලා.
එක සම්පූර්ණ බොරුවක්. අමූලික බොරුවක්. එක තාත්තා නිර්දෝෂී වෙන්න කරන දෙයක් වෙන්න ඇති.
මොනවා වුණත් ඒ මගේ තාත්තා. තාත්තා වරදක් කළා වුණත් මගේ තාත්තට කවුරු වුණත් මඩ ගහනවට දරුවෝ වුණු අපි කැමති නැහැ. තාත්තා ලොකු වරදක් කර ගත්තා. එත් එක ඉරාජ්ලට හොඳ මාතෘකාවක් සල්ලි හම්බ කරගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!