Gossip

කකුලක් අහිමිවූ බන්ධනාගාර නියාමකවරයාගේ කඳුලු කතාව

07 දෙනෙකුට මරු කැඳවමින් ඉකුත් 27 වනදා කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒවගේම ඔහුගේ වම්පාදය ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවී තිබෙනවා.

මෙලෙස තුවාල ලැබුවේ අකුරැස්ස දීගල ලේනම ගම්මානයෙ පදිංචිව සිටි 34 වන වියේ පසුවන බන්ධනාගාර නියාමක ප්‍රසන්න බුද්ධික මහතායි.

වෛද්‍යවරුන් පවසන්නේ දැනට ඔහු දැඩිසත්කාර ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් ඉන් අනතුරුව වාට්ටුවකට යොමුකර ප්‍රතිකාර කරන බවත්ය.

තමන්ට සැලකීමට හිටියේ ප්‍රසන්න පමණක් බවයි ප්‍රසන්නගේ දෙමවුපියන් කියා සිටින්නේ. තම දෙපයින් නැගී සිටි ප්‍රසන්න මුළු පවුලේම බර දරමින් ආර්ථිකය ශක්තිමත් කළත් අදින් පසුව ඒ පවුලේ බර එලෙසින් දරන්නට ඔහුට හැකි වන්නේ නැහැ .

“පුතාට ගොඩක් තැන් වලට වෙඩි වැදිලා කියලා ආරංචි වුණා.අපේ පුතා තමයි අපිව බලා ගත්තේ. පුතා වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න” කියලායි ඔහුගේ දෙමවුපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!