Gossip

“ජැක්ලින් මගේ පෙම්වතා උදුරා ගත්තා” – ආලියා බාත්ගෙන් ලංකාවේ ජැක්ලීන්ට චෝදනාවක්

ජැක්ලීන් ෆර්නැන්ඩස් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකා රූ රැජිණ කිරුළ හිමි කර ගෙන ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව හා එක්වූ සුපිරු තරුවක් කියලා හැමෝම දන්නවානේ.

ඒවගේම තමයි බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරනා නිළියන් අතරද ඉහලින්ම සිටිනා නිළියක් විදියටත් මැය හඳුන්වනවා.

ජැක්ලීන් ගේ මීළග චිත්‍රපටය ‘Gentleman’ මේ මස 25 වන දින සිට තිරගත වීමට නියමිත අතර මෙම චිත්‍රපටයට ජැක්ලීන් සමග රංගන දායකත්වය ලබා දෙන්නේ සුපිරු නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා.

‘Gentleman’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා එකට කාළය ගත කරන බවත් සදහන්.

මේ නිසාම සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ පෙම්වතිය ආලියා බාත්, ජැක්ලින් සහ සිද් ධාර්ත් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට සැක කරන බවට වාර්තා වනවා.

මේ සිදුවීම නිසාම සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා බාත්ගේ පෙම් සම්බන්ධය දැඩි ලෙස අවුල්කාරී වී ඇති බවත් සදහන්.

කෙසේ වෙතත් මින්පෙර ජැක්ලීන්ට සල්මන් ඛාන් සමග පෙම් සබදතාවයක් තිබු බවට රාවයන් පැතිර ගිය අතර සල්මන් ඛාන් ඇයට සුපිරි නිවෙසක්ද තෑගී දී තිබුණු බවටත් කටකතාවක් පැතුරුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!