Gossip

කේරළයෙන් ලංකාවට ඇවිත් ISIS පුහුණුවීම් කරලාලු

cvr

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි මාස දෙකක ඉස්ලාමීය පුහුණුවක් ලැබ අයි.එස් අන්තවාදීන්ට එකතුවුණු යුවළක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශවල අවධානය යොමුවී තිබෙනවා.

ෆාතිමා(නිමිෂා),ඊශා(බෙසොන් වින්සන්ට්) නමැති මොවුන් ශ්‍රී ලංකාවේදී සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහභාගිව සිට පසුව අතුරුදහන්ව ඇති බවත්,මොවුන් අයි.එස් සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

සුන්නි ඉස්ලාම් නිකායේ වහාබ් කොටසට අයත් සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් මීගමුව ප්‍රදේශයේ කුඩා නිවසක් කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන බව ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මලවි මුබාරක් මහතා ‍පවසා ඇතැයි New Indian Express පෙන්වාදෙයි.

මේ පිළිබඳ අදදෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මලවි මුබාරක් මහතා කියා සිටියේ ඉස්ලාමීය දහම් ඉගැන්වෙන මධ්‍යස්ථාන පවතින නමුත් ඒවායේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඉගැන්වීම් සිදුවන බවට තොරතුරු නොමැති බවයි.

කිසිදු විදේශ සිසුවෙකු හෝ ශ්‍රී ලංකාවට පැමිණ මෙම මධ්‍යස්ථානවලට ඇතුළත්ව ඉගෙනගෙන නොමැති බවත්,අනෙක් අතට මේවායේ ඉගෙනීමෙන් අයි.එස් සංවිධානයට එකතුවන බවට තොරතුරුද නොමැති බවත් මුබාරක් මහතා කියා සිටියි.

කෙසේ වෙතත් ඉන්දීය පුවත් උපුටා දක්වන අන්දමට සැකකාර යුවළ තමිල්නාඩුවෙන් කෝචි ප්‍රදේශයට පැමිණ,ඉක්බිතිව ශ්‍රී ලංකාවට පැමිණ නැවතී සිට ඇති නමුත් ඒ කාලය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ප්‍රවෘත්තිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ඉන්දීය පුවත් වාර්තා පෙන්වා දෙන නමුත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී මෙවන් යුවළක් ශ්‍රී ලංකාවට පැමිණි බවට තොරතුරු වාර්තා නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!