හොලිවුඩ්

උඩු ගුවනේදී IS ත්‍රස්තයින්ගෙන් ප්‍රහාරක යානය බේරගත් මෙහෙයුම!

boeing-tanker1

අමෙරිකාවට අයත් එෆ් 16 යානය පියාසර කරමින් සිටියේ ISIS ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශයකට ඉහළිනි.

හදිසියේම ඉන්ධන සැපයුම් පද්ධතියේ දෝෂයක් මතුව ඇතිබව නියමුවාට වැටහිනි. ඒ වනවිට යානය තුළ මිනිත්තු 15කට වඩා පියාසර කිරීමට ඉන්ධන නොතිබිණි.

ඉන්ධන සැපයුම් යානයකින් ගුවනේ දී ඉන්ධන පුරවා ගැනීමට උත්සාහ කළද කාර්මික දෝෂය ඊට හරස් විය. ඒ වනවිට පැවති ඉන්ධන ප්‍ර‍මාණයට වඩා ඉන්ධන ප්‍ර‍මාණයක් පිරවීමට නොහැකි තත්වයක් උදාව පැවතුනි.

අමෙරිකා ගුවන් හමුදාවේ කේ සී 135 ටැන්කර් ඉන්ධන යානයේ නියමුවන් ඊට කදිම පිළියමක් යෙදීය. ඒ කාර්මික දෝෂය තිබුණත් මිනිත්තු 15න් 15ට ඉන්ධන පිරවීමයි. ඔවුන් ඒ අයුරින් යානා දෙක සතුරු ගුවන් තලයෙන් ඔබ්බට පියාසර කරවීමට ඔවුන් සමත්විය.

ඒ අයුරින් ගුවනේදී ඉන්ධන පුරවා ගත නොහැකි වූයේ නම් නියමුවාට පැරෂුටයක ආධාරයෙන් යානය අතහැර බිමට පැනීමට හැකියාව තිබුණත්, එසේ පැනීමට සිදු වන්නේ ISIS ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශයකටය.

boeing-tanker1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!