Gossip

ඉරණවිල කළපුවේ මසුන් හේතුවක් නැතුවම මියගිහින්! (වීඩියෝ)

හලාවත – ඉරණවිල කළපුවේ සහ මාදම්පේ කඩුපිටිඔයේ මසුන් විශාල වශයෙන් මිය යන්නට පටන් ගෙන ඇති බව ප්‍ර දේශයේ ධීවරයින් පවසයි.

පසුගිය 20 වැනිදා සවස් වන විට කඩුපිටිඔයේ මසුන් මිය යන්නට පටන් ගෙන තිබූ අතර 21 වැනිදා දහවල් වන විට ඉරණවිල කළපුවේද මසුන් මිය යන්නට පටන් ගෙන ඇත.

ග්රෑම්  150 – 200 තරම් වන කුඩා මසුන් මෙලෙස මිය යන්නට පටන් ගෙන ඇති බවක් දක්නට ඇත.

කිසියම් කර්මන්ත ශාලාවකින් පිට කරන ලද අපද්‍රව්‍යයක් කඩුපිටිඔයට එක්වීම මෙම තත්ත්වයට හේතුව වන්නට ඇති බවට විශ්වස කරන්නේ යැයි ධීවර නිලධාරීන් සදහන් කරති.

කඩුපිටිඔයේ ජලය කළපුවට ගලා එන නිසා කඩුපිටිඔයේ මෙන්ම කළපුවේද මසුන් මිය යාමට පටන් ගෙන ඇතැයි විශ්වාස කරන බවද ධීවර නිලධාරීන් වැඩිදුරටත් සදහන් කරයි.

මිය යන මසුන් කළපු සහ කඩුපිටිඔය ඉව්රට ගොඩ ගැසීම නිසා මෙන්ම මිය ගොස් ඇති මාළුන්ව පක්ෂීන් විසින් රැගෙන යාම හේතුවෙන් ප්‍ර දේශය තුළ පාරිසරික ගැටළුවක්ද මේ වන විටත් මතු වන්නට පටන් ගෙන ඇත.

 

IMG_0223-1 IMG_0189-1 IMG_0202-1 IMG_0215-1 IMG_0218-1 IMG_0219-1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!