Gossip

සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ Facebook එක මේන්ටේන් කරන්නේ ඉරාජ්ද? ඉරාජ් අලුත් වීඩියෝවට කිව්ව කතා මෙන්න

ඉරාජ් මොකක්ද මේ අලුත් සිංදුව වස්සානේ හීනේ

වස්සානේ හීනේ විෂුවල් එක මාස දෙකක් තිස්සේ තිබිච්ච හීනයක්. සිංදුව ලිව්වේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. මියුසික් කළේ මම. තනුව නිර්මාණය කළේ සමන් සංගීත් කියන මල්ලී කෙනෙක් . මේ සිංදුව කියන්නේ ජනේන්ද්‍ර කියන අලුත් මල්ලි කෙනෙක්.

විෂුවල් එකට සමන්ත භද්‍ර හාමුදුරුවන්ව යොදාගත්තේ ඇයි ?
මට මේ වෙලාවේ වෙනස් දෙයක් කරන්න ඕන වුණා. ඉතින් මේකේ කතාවත් එක්ක ඕන වුණා සමන්ත භද්‍ර හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න. ඉතින් ඒ නිසා මම මේකට හාමුදුරුවන්ව සම්බන්ධ කරගත්තා.

මේක ප්‍රේම ගීතයක්ද? නැත්නම් බොදු බැති ගීතයක් ද?
නෑ මේක බොදු බැති ගීතයක් නෙමෙයි. ඒත් අවසානයේදී අපේ මිනිසුන්ට යම් පණිවිඩයක් මේ ගීතයෙන් විෂුවල් එක හරහා ලබලා දෙනවා.

හාමුදුරුවන්ට විෂුවල් එකට එන්න කීව ගමන් හා කීවද?
නෑ අපි හාමුදුරුවන්ට කතා කරලා විෂුවල් එක ගැන කිව්වා. මෙහෙමයි වෙන්නේ, මේක පණිවිඩයක් මිනිසුන්ට ලබලා දෙනවා කියලා. ඒ දේවලුත් එක්ක තමයි ස්වාමීන්වහන්සේ මේකට කැමැති වුණේ.

සමන්තභද්‍ර හාමුදුරුවෝ හා ඉරාජ් අතර තියෙන්නේ කොහොම සම්බන්ධයක්ද? ගණුදෙනුවක්ද?

දැන් අවුරුදු දහයක් වගේ කාලයක් තිස්සේ සමන්ත භද්‍ර හාමුදුරුවන් එක්ක දැනහැඳුනුම්කමක් මට තියෙනවා.

ගීතයේ වීඩියෝ එක බැලුවට පස්සේ හාමුදුරුවෝ මොකද කිව්වේ?

මේක සම්පූර්ණයෙන්ම වෙනස් ගීතයක් කිව්වා. මේක අනිවාර්යයෙන්ම කතාබහට ලක්වෙන ගීතයක් සමාජයේ වෙන දේවල් තමයි මේ විෂුවල් එකේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේත් කිව්වා මෙක ලස්සනයි කියලා.

ඉරාජ් කරන නිර්මාණ හුඟක් ආන්දෝලනාත්මකලු. ඉරාජ් නිර්මාණශීලීත්වය කියලා හිතන්නේ සංස්කෘතියට පහර ගහන එකටද?

අපේ මිනිස්සු හංග හංග හොරෙන් කරන දේවල් මම නිර්මාණයක් හරහා එළිපිට කරනවා. මේවා තමයි උඹලා කරන්නේ අපි මේවා හදාගන්න ඕන කියලා ඒකට ගොඩක් දෙනෙක් කෑ ගහනවා. ඕවා කරන එක හරි නෑ කියලා. අපි හංගන යථාර්ථය තමයි මම මේ මියුසික් වීඩියෝවල පෙන්නන්නේ.

මේ වගේ දේවල් කරන්නේ අමුතු පොරක් වෙන්නද?

මට එහෙම පොරක් වෙන්න ඕනේ නෑ. මම පොරක් නෙමේ. අලුත් නිර්මාණ කරන්න කැමැති කෙනෙක්.. මම කාටවත් බය නෑ. කවුරු කෑ ගැහුවත් මම බය නෑ. මම මට ඕන දේ තමයි කරන්නේ. ඒක නිසා තමයි මගේ නිර්මාණ සාර්ථක වෙන්නේ.

සේකරලා …මානවසිංහලා අදටත් පවතින නිර්මාණ කළේ සංස්කෘතික වටිනාකම්වලට පහර ගහලා කෑගහලා පොර ටෝක් දීලා නෙවෙයි. ඔයා හිතනවද අද පරම්පරාව කෑ ගහලා දඟලලා කරන නිර්මාණවලට ඒ වගේ පැවැත්මක් තියෙයි කියලා?

මම කියන්නේත් මේ මම කරන නිර්මාණත් අවුරුදු ගාණක් පවතීවි. මිනිස්සු මම කරන නිර්මාණ දැකලා දැන් කෑගැහුවට මම දන්නවා මේ නිර්මාණත් මිනිස්සු දවසක පිළිගනීවි.

සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ Facebook එක මේන්ටේන් කරන්නේ ඉරාජ්ලු නේද?

නෑ අනේ ..ඒක බොරු. මම එහෙම මේන්ටේන් කරන්නේ නෑ. සමන්ත භද්‍ර හාමුදුරුවන් කියන දේ කෙලින් කියන හාමුදුරු නමක්.මම ඒකයි හාමුදුරුවන්ට කැමති වුණේ. මම ඔය යල් පැන ගිය බුද්ධාගමට ආස නෑ . අපේ සමහර මිනිස්සු බෞද්ධ බෞද්ධ කියලා බෞද්ධකම ඉස්සරහට දාලා ජරා වැඩ කරනවා. Google ඒකේ Sex Search කරලා දැන් අවුරුදු පහක් දිනපු රට අපියි. ඉතින් මේ හැම ජරාවක්ම කරලා බොරු බෞද්ධකමක් ඉස්සරහට දානවා.

එතකොට සමන්ත භද්‍ර හාමුදුරුවන්ව නළුවෙක් කරන්න හිටපු ගමන් ඉරාජ්ට ඇතිවෙච්ච කැක්කුම මොකක්ද?

කාලයක් එක එක හේතු නිසා ඒ හාමුදුරුවන්ට සමහර චැනල්වල දොරවල් වැහුණා. 2008 දී 2009 දී විතර සමන්තභද්‍ර හාමුදුරුවන්ට කිව්වා internet එකට එන්න. ඒ ආවට පස්සේ කාටවත් හාමුදුරුවන්ව නවත්වන්න බෑ කියලා. ඒ අනුව තමයි මම සමන්තභද්‍ර හාමුදුරුවන්ට internet හරහා උන්වහන්සේගේ හඬට තැනක් ලබලා දුන්නේ.

ඉරාජ් මාධ්‍ය එක්ක තරහා මාධ්‍ය ඉරාජ්ව විවේචනය කරනවා කියලා හිතන හින්දද?

නෑ … මම එහෙම මාධ්‍ය එක්ක තරහා නෑ. ඒත් ..මමත් මගේ නිර්මාණවලට සමහර මාධ්‍යයන් ඉඩ දුන්නේ නෑ. ඒ නිසා මගේ ෆෝන් එක මම මාධ්‍යයක් හැටියට පත් කරගත්තේ ටී.වී චැනල්වලින් බොහෝම පොඩි ගණනක් තමයි මගේ නිර්මාණවලට තැනක් දෙන්නේ.

සමන්ත භද්‍ර හාමුදුරුවෝ චීවරය දරාගෙන කරන්නෙ මහායාන කොන්ත්‍රාත් එකක් කියලත් චෝදනාවක් එල්ල වෙනවා. ඉරාජ් කියන්නේත් ඒකේ හවුල් කාරයෙක්ද?.

අනේ මම ඒවා නම් දන්නේ නෑ. මම එහෙම බුදුදහම ගැඹුරට හදාරලා නෑ. අපිට පොඩි කාලේ පත පොතේ කියපු දේවල් එක්ක මම දැන් බුදුදහම internet එක හරහා යම් අධ්‍යයනයක් කරනවා. එතකොට සමහර වෙලාවට මට හිතෙනවා අපි ඉගෙන ගෙන තියෙන්නෙ, අපිට ඇහිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් නෙමේ වෙනත් දෙයක් කියලා. මම කියන්නේ නෑ සමන්තභද්‍ර හාමුදුරුවෝ හරි කියලා.මම බුදුදහම ගැන ගැඹුරින් දන්නේ නෑ . මම ඒ කිසි දේක හවුල්කාරයෙක් නෙමේ.

ඔය කීවට අරහෙන් මෙහෙන් ලොකු ලොකු කුට්ටි ඉරාජ්ටත් ලැබෙනවා ඇති නේද?

අනේ නෑ. මට නම් කාගෙන්වත් ඔය කියන කුට්ටි ලැබෙන්නේ නෑ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!