Gossip

ගැබිණි කාන්තාවක් කෙසෙල් ගෙඩියක් කන එකේ ඇති වැරැද්ද මොකක්ද? ඉරාජ්ගේ පියා ඉරාජ් කරපු වැඩේ ගැන කිව්වේ මෙහෙමයි

ඉරාජ් වීරරත්න කියන්නේ මේ දවස්වල හැමෝම අතර කතා බහට ලක්වෙන චරිතයක්. ඒ ඔහුගේ “දැනුනා” නම් මියුසික් වීඩියෝව නිසායි.

ප්‍රවීණ සංගීතවේදියෙකුගේ ජීවිතය අලලා එම ගීතය සකස් කෙරුණු නිසා එය බොහෝ විවේචනයට තුඩුදුන් ගීතයක් වුණා.

මේ ගීතය නිසා ඉරාජ්ගේ පියා ප්‍රීතිරාජ් වීරරත්න ගැනත් කතා මතුවුණා.

මේ ඉරාජ්ගේ පියා එම ගීතය ගැන කියපු දේ.

“ඉස්සර හුගක් අය ඉරාජ්ව හැඳින් වූයේ ප්‍රිතිරාජ්ගේ පුතා ඉරාජ් කියලා. ඒත් දැන් සමහරු මාව හඳුනාගන්නේ ඉරාජ්ගේ තාත්තා විදියටයි. හැබැයි මා සහ මම කරපු දේවල් ගැන පරණ අය නම් හොදට දන්නවා. ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වල තිබෙන වැරදි දේවල් මොනවාද කියලා පෙන්වා දෙන්න කියලා මම ඕනෑම කෙනෙකුට ආරාධනා කරනවා. මම සුදානම් ඒ අයත් එක්ක තර්ක කරන්න. මම ඉරාජ්ගේ හැම වීඩියෝවක්ම වගේ බලලා තියෙනවා. ගිනියම් රෑ වීඩියෝ එකේ තියෙන වැරැද්ද මොකක්ද? ඒකේ තියෙන්නේ අසම්මත දෙයක් නෙවේනේ. ඒ වගේ දේවල් ඕන තරම් මේ සමාජයේ වෙනවා. ඉරාජ්ගේ වීඩියෝ වල අඩනිරුවත් දර්ශන තියෙන්න ඇති. ඒත් සම්පුර්ණනම නිරුවත් දර්ශන නැහැනේ. අනික අනවශ්‍ය කොටස් තිබුණා නම් ඒ වගේ කොටස් විකාශය නොකරන එක මාධ්‍ය වල වඟකීමක්. උදාහරණයක් විදියට වසන්ත ඔබේසේකරගේ සම්මානලාභී ‘මාරුතය’ කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි එහි පවුලේ හැමෝටම එකට ඉගෙන බලන්න බැරි දර්ශනත් තිබුණා. ඒක සම්භාව්‍ය චිත්‍රපටයක්. සම්භාව්‍ය නිර්මාණයක් නම් අඩනිරුවත් දර්ශන තිබුණාට කමක් නැහැ. එහෙම නැති නිර්මාණ වල එවැනි දර්ශන තියෙන්න බැහැ කියන මතයේ මම නැහැ.”ඉරාජ්ගේ වීඩියෝ වලට ඔයතරම් අකමැති නම් ඇයි මේ තරම් බලන්නේ?‘දැනුණා’ වීඩියෝව මමත් නැරඹුවා. මට නම් ඒකෙ වරදක් පෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් youtube ඒකේ දාලා තියෙන කමෙන්ට් වලින්නුත් 99.9%ක්ම තියෙන්නේ ඉරාජ් ට බැනලානේ. මම අහන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වලට ඔච්චර අකමැති නම් ඇයි ඒවා මේ තරම් බලන්නේ කියලායි. හැමෝම ඒවා නරඹන එක නතර කළොත් ආදායම අඩුවීමෙන් ඉරාජ් උදාසීන වෙලා වෙනත් වෘත්තියක් තෝරාගනිවී. අනික සමහරු හිතනවා ඇති ඉරාජ් සල්ලි පස්සේ එළවන කෙනෙක් කියලා. හැබැයි ඉරාජ් මුදල් තණ්හාව තියෙන කෙනෙක් නෙවේ. ඉරාජ්ට ඕන තරම් සල්ලි තියෙනවා. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට ඉරාජ් පිං අතේ වැඩ හුගක් කරනවා. බොහෝ අය නොදන්නවා වුණාට ඉරාජ්ට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් Accountancy Degree එකක් තියෙනවා. ඒ දැනුම තමයි ඔහු මාර්කටින් වලදී පාවිච්චි කරන්නේ.”වික්ටර් රත්නායකයන් කළ දේ හරියි කියලයි මම කියන්නේ.”ආචාර්ය වික්ටර් රත්නයකයන්ව මම දන්නේ මට අවුරුදු 14 ඉදන්. මම ඔහුට කියන්නේ වික්ටර් අයියා කියලා. මම ඔහුව ගොඩාක් අගය කරනවා. පසුගිය කාලයේ ඔහුගේ දෙවැනි විවාහය නිසා බොහෝ දෙනා විවේචන එල්ල කළා. හැබැයි මම කියන්නේ ඔහු කළ දේ හරියි කියලයි. ඔහුගේ කැමැත්ත එය නම් ඊට වඩා අඩු වයසක කාන්තාවක් කසාද බැන්දත් එහි වරදක් මා දකින්නේ නැහැ. මම ඉරාජ්ගෙන් ඇහුවා ඔහුගේ වීඩියෝව වික්ටර් රත්නායකයන් ඉලක්ක කරගෙන හඳපු එකක් ද කියලා. ඉරාජ් කිව්වේ එවැනි අදහසකින් කලේ නැහැ කියලා. මොකද ඒ වීඩියෝවෙන් කියවෙන සිදුවීම් අදාළ වන අය ඕනෑතරම් අපේ රටේ සිටිනවා. ඒක වික්ටර් රත්නායකයන්ගේ කතාව කියලා මුලින්ම දාපු කමෙන්ට් නිසා වෙන්න ඇති මෙවැනි ප්‍රචාරයක් රටේ ගිහින් තියෙන්නේ.”මේක මගේ කතාව නම් පැය 03ක්වත් යයි කියලා ඉරාජ්ට කිව්වා.මිනිස්සු ඒක දිහා බලන විදිහෙයි වෙනස තියෙන්නේ. සමහරු කියනවා ඒකේ පියුමි කෙසෙල් ගෙඩියක් කන දර්ශනය වැරදි කියලා. ගැබිණි කාන්තාවක් කෙසෙල් ගෙඩියක් කන එකේ ඇති වැරැද්ද මොකක්ද? රට ඉඳි කන එක ගැනත් විවිධ දේවල් කියනවා. රට ඉඳි නම් මාත් කනවා. හැබැයි ඕවා දිහා විවිධ කෝණ වලින් බලලා විවේචනය කරන්න පුළුවන්. විවිධ ප්‍රතිචාර දක්වන අතරේ ඉරාජ්ගේ නමින් හදපු ව්‍යාජ ගිණුමකින් තමයි ‘මගේ තාත්තාගේ කතාවයි’ කියලා දාලා තිබුණේ. එක ආරංචි වෙලා මම ඉරාජ්ට කිව්වා ”පුතේ මගේ කතාව හදනවා නම් මිනිත්තු 03කට නෙවේ හොදට කපලා කොටලා එඩිට් කරලත් පැය 03කවත් වීඩියෝවක් විදියට තමයි කරන්න වෙන්නේ” කියලා.”මමත් නෝනාගෙන් ඇහුවා පුංචි කාලේ ඉරාජ්ට ත්‍රිපෝෂ දුන්නද කියලා.ඒ කාලේ අපි ඉරාජ්ට ත්‍රිපෝෂ වලට වඩා හොඳ කෑම බීම දුන්නා. නැත්නම් කොහොමද ඉරාජ්ට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් විදියේ නිර්මාණ කරන්න තරම් බුද්ධියක් ලැබෙන්නේ. මමත් නොනාගෙන් ඇහුවා අපි ඇත්තටම ඉරාජ්ට ත්‍රිපෝෂ දුන්නද කියලා. නෝනා කිව්වේ පොඩිකාලේ ඉරාජ්ට ත්‍රිපෝෂ හදලා දුන්නා, එත් එයාව බලාගත්ත කෙනා ඉරාජ්ට ඒවා දුන්නද දන්නේ නැහැ කියලා. ඉරාජ්ව පොඩිකාලේ බලාගත්තේ ‘දාස’ කියලා කෙනෙක්. ඉරාජ් බබාට ඒ කාලේ ත්‍රිපෝෂ කැව්වාද කියලා අපි දාසගෙන් ඇහුවාම කිව්වා ”අනේ නෑ මමයි ඒවා ඔක්කොම කෑවේ” කියලා. අවුරුදු 74ක් වයස දාස අද වෙනකොට හයවැනි කසාදයත් කරගෙන ඉන්නේ.මම 100%ක් අංගසම්පුර්ණ කෙනෙක් නෙමෙයි90 ගණන් වල දඟකාර ජීවිතයක් ගත කරන කාලේ සමහර දේවල් වෙන්න ඇති. සමාජයේ කොච්චර අය ඒ වගේ දේවල් කරනවාද. එත් ජනප්‍රිය කෙනෙක් කළොත් තමයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ. මං ගැන කටකතා පැතිරුණා කියලා මම බය නැහැ. මේ ජීවත්වෙන ටික කාලයට මට ඕන දේ තමයි මම කරන්නේ. අනික මම 100%ක් අංගසම්පුර්ණ කෙනෙකුත් නෙවෙයි. චිත්‍රපට හදන කාලෙත් සමහරු මට දිගින් දිගටම මඩ ගැහුවා. ඒත් මම ඒවාට සැලුනේ නැහැ. සැලෙන්නේත් නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!