Gossip

“නොගැලපීම් ගලපාගෙන අපි විවාහ ගිවිස ගත්තා..” – ඉමායා ලියනගේ

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් දැන් රංගන ශිල්පිනියක් විදිහට කා අතරත් ප්‍රසිද්ධ වුණු කෙනෙක් තමයි ඉමායා ලියනගේ කියන්නේ.
ඇය පසුගියදා යුග දිවියට පිවිසුණා.
ඒ ගැනත් ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් ඉමායා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

කොහොමද ඉමායා. මේ දවස්වල නම් ඉන්නේ ලංකාවෙන් පිට නේද?
හොඳින් සතුටින් ඉන්නවා. මේ දවස්වල ඉන්නේ ඉතාලියේ.

විදේශගත වුණේ විශේෂ කාරණාවකටද?
මම හැම අවුරුද්දකම ඉතාලිවලට යනවා. ඉතාලියේ රූ රැජන තරගවල විනිශ්චයට වගේම ෆැෂන් ෂෝවලට ආරාධිත කලාකාරිනියක් විධියට පසුගිය අවුරුදු කිහිපයේම මම සහභාගි වුණා. මගේ සැමියා ඉතාලියේ වැඩ කරන්නේ. ඉතිං මෙදා සැරේ නම් ඉතාලියට ආවේ නිවාඩුවක් ගත කරන්න.

ඉමායාගේ ජීවිතේ විශේෂම දෙයක් වැඩි සද්ද බද්ද නැතිව පහුගිය කාලේ සිද්ධ වුණා නේද?
ඔව්. මම විවාහ ගිවිස ගත්තා. ඒක තමයි මගේ ජිවිතේ සිදුවුණු විශේෂම දේ.

විවාහ ගිවිස ගැනීම වැඩි සද්ද බද්ද නැතුව කරන්න හිතුවේ?
ඇත්තටම ගොඩක් අය මගෙන් ඇහුවා. ඇයි වැඩි සද්දයක් බද්දයක් නැතිව විවාහ ගිවිස ගැනීම කළේ කියලා. අපේ වෙඩින් එකත් ඉදිරියේදී ලොකුවට ගන්න නිසා අපිට හිතුණා විවාහ ගිවිස ගැනීම ලස්සනට ඒ වගේම චාම් විධියට කරන්න ඕනේ කියලා. ඇඳුම් පැලඳුම් පවා චාම් ඒත් ලස්සනට නිර්මාණය කරලා වැඩි සද්ද බද්ද නැතිව තමයි විවාහ ගිවිස ගැනීම සැමරුවේ.

ඉමායාගේ හිත දිනාගත්ත, ජීවන සහකරුවා කරගත්ත ඒ කෙනා කවුද?
එයාගේ නම රජිත් ඉෂාන්. එයා ඉතාලියේ තමයි වැඩ කරන්නේ.

ඉමායාගෙයි රජිත්ගෙයි ආදර කතාවට දීර්ඝ කාලයක් වෙනවා නේද?
ඔව්. අපි දෙන්නාගේ ආදර කතාවට අවුරුදු දහතුනක් වෙනවා.
සාමාන්‍ය පෙළ පන්තියේදී පටන් ගත්ත ආදර කතාව තමයි අපි විවාහය දක්වාම දුර ගෙනාවේ.

ඔය ආදර කතාවට බාධකත් ඕන තරම් තියෙන්න ඇති?
අම්මෝ ඔව්. තිබුණෙම බාධක තමයි. පාසල් කාලේ පටන් ගත්ත ආදර කතාවක්නේ අපිට තිබුණේ. ඉතිං කරදර බාධක ගොඩක් ආවා. අපේ ජීවිතයට. ඒ කරදර, බාධා බිඳගෙන, අපේ නොගැළපීම්, ගැළපීම් බවට හරවාගෙන තමයි මේ තාක් දුර ගමනක් ආවේ. ආපස්සට හැරිලා බලද්දී සතුටක් දැනෙනවා. අපි දෙන්නාගෙම ජීවිතය සාර්ථක කරගෙන මේ ගමන එන්න ලැබීම ගැන.

විවාහ උත්සවය සැලසුම් කරලද තියෙන්නේ?
මේ වසරේ දෙසැම්බර් හෝ ලබන වසරේ දෙසැම්බර් විවාහ උත්සවය ගන්න තමයි සැලසුම් කරගෙන ඉන්නේ.

ඉමායා වේදිකාවටත් සම්බන්ධ වෙලා ඉන්නේ?
ඔව්. වෙල්ලස්සේ වෙඩි හඬ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රවීණයන් රැසක් එක්ක මට එහි වැඩකරන්න ලැබුණා.
හරිම, ආසාවෙන් කැමැත්තෙන් එයට සම්බන්ධ වෙනවා. ඇහැලේපොළ කුමාරිහාමිගේ නංගිගේ චරිතය තමයි මම එහි නිරූපණය කරන්නේ. වේදිකාව එක්ක වැඩ කරන්න කොච්චර අමාරුද, වේදිකාවෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා මේ නිර්මාණයෙන් ඉගෙන ගත්තා. වේදිකාවෙන් ඉගෙන ගන්න දේ මුළු රංගන ජීවිතයටම වටිනවා. වේදිකාව කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.

ඉමායාගේ රංගන ජීවිතයට රජිත් බලපෑම් කරන්නේ නැද්ද?
නැහැ. මම රඟපානවට එයාගේ විරුද්ධත්වයක් නෑ. එයා ලංකාවේ හිටියේ නැතත් එයා මට මේ මේ දේවල් කරන්න කියලා අදහස් දෙනවා. මගේ නිර්මාණ බලලා හොඳ දේවල් කතා කරනවා. එයාගෙන් මගේ වැඩවලට සහයෝගය ලැබුණා මිසක් බලපෑම් ආවේ නැහැ.

විවාහයෙන් පස්සේ ඉමායා ලංකාවෙන් යන්නම යයිද?
මම දැනට නම් එයා ළඟට යනවා එනවා. විවාහ උත්සවය ගත්තට පස්සේ නම් වැඩි කාලයක් එයා එක්කම රැඳෙයි. විදේශගත වුණත් රංගනයෙන් සමුගන්න එකක්.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!