Gossip

ෆේස්බුක් “පොලිස්පති“ කාන්තාවන් රවටා මාට්ටු

1

පොලිස්පතිවරයා නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔහු ඊයේ(06) දිනයේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකකරු හෙට(08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

මේ අතර අන්තර්ජාලය භාවිත කරමින් මෙවැනි අපරාධ සිදුකරන පුද්ගලයින් පිළිබඳව වරින් වර තොරතුරු වාර්තා වන බව පොලීසිය සඳහන් කළේය.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් නිලධාරීන් මේ වන විටත් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!