Gossip

මහත්වරුන්ගේ ක්‍රීඩාවට කලු පැල්ලමක් එක් කළ ඉන්දියානුවන්ට කෝලිගෙන් කනේ පහරක් – වීඩියෝ

ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගය ඉන්දියාව ජයගත්තා.
ඒ ලකුණු 36 කින්.
මෙම තරගය අතරවාරයේදී සිදුවූ සිද්ධියක් ගැන ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා.
ඉන්දියාව පන්දුවට පහරදෙමින් සිටියදී පිටියේ පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත්ට තරගය නැරඹීම සඳහා පැමිණි ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් දෝෂාරෝපන එල්ල කර තිබුණා.
එම අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි විරාත් කෝලි විසින් ප්‍රේක්ෂකයන් පාලනය කර එසේ නොකරන ලෙස ඉල්ලා සිටින අයුරු දක්නට ලැබුණා.
තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී විරාත් කෝලි මේ පිළිබඳව අදහස් දැක්වූවා.
එහිදී කෝලි ස්මිත්ගේ සමාව අයැද සිටියා. තවද ප්‍රේක්ෂකයන්ගේ එම ක්‍රියාව කිසිසේත් පිළිගත නොහැකි බවයි කෝලි පැවසුවේ.
කෝලිගේ මෙම ක්‍රියාවටද බොහෝ දෙනෙකුගේ පැසසුම් ලැබී තිබුණා.

එම සිදුවීම සහ කෝලිගේ ප්‍රකාශය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!