Gossip

“හැමෝටම කියන්නෙ මහත්තයෝ සල්ලි වලට වඩා කන්න දෙයක් ⁣දෙන්න කියලයි” – බිරිඳගේ අත අතනොහැර මගතොටේ ඇවිදින ස්වාමිපුරුෂයෙක්ගේ කඳුලු කතාව

ආදරය කියන්නේ හැමෝටම ඕන දෙයක්. ආදරය සෙනෙහස කියන කාරණා වලදී ගොඩක් අය සංවේදියි. මේ ආදරය තමන්ගේ අම්මා තාත්තාගෙන් නම් ගොඩක් අයට ලැබෙනවා. පවුලෙන් ලැබෙන ආදරය වගේම ආදරයක් සෙනෙහසක් තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් ලැබෙනවානම් මොනදේ වුනත් ඒ ආදරය හැමදාම ලඟ ඉන්නවනම් ඒ අය ගොඩක් වාසනාවන්තයි. මේ එහෙම බිරිඳකට ආදරය කරන ස්වාමිපුරුෂයෙක්ගේ කතාවක්.

කොට්ටාව බස් ස්ටෑන්ඩ් එක ලග. වෙලාව 7 විතර වෙලා. ගෙදර යන්න දුවන ගමන් නිතරම දකින්න ලැබෙන නිතරම දගලන, වෙව්ලන, එක විදියක ඉන්න බැරි මේ ගැහැනු කෙනාවත් අමාරුවෙන් තියාගෙන ඉන්න මනුස්සයා ලග පොඩ්ඩක් නතර වෙලා විස්තර අහලා බැලුවා. හොද කරන්න බැරි ස්නායු රෝගයකින් ඉන්නෙ මගේ නෝනා කියලා ඇස් දෙක වහගත්තා. හැම විස්තරයක්ම එතන ඉදගෙන මං එයාගෙන් අහගත්තා. 94 දි බැදලා 96 ඉදන්ම එයාගෙ නෝනා මෙහෙමයි, නෝනගෙ පවුලේ හැමෝම නැති උනේ මේ ලෙඩෙන්, ලෙඩින් කියලා එයා නෝනව අතෑරියෙ නෑ කිව්වා.. හැමදාම දවසකට 7 සැරයක් සැරින් සැරේට කවනවා. ඒ නිසයි මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නෙ. සල්ලි දෙන හැමෝටම කියන්නෙ මහත්තයෝ සල්ලි වලට වඩා කන්න දෙයක් ⁣දෙන්න කියලයි.. බෙහෙත් කියලා දෙයක් මේ ලෙඩේට තියෙන්නෙ නිදි පෙති විතරයි. මේ අල්ලගෙන ඉන්න අත අතඅරින්න බෑ. අත ඇරලා එක විසියක ඉන්න බෑ. එහෙම කියලා පඩියක් උඩ එයාගෙ නෝනව වාඩි කරලා තියලා මාත් එක්ක වැඩි වෙලාවක් කතාකරන්න උනේ නෑ පෙරලිලා බිමට වැටුනා. ආයෙත් අල්ලගෙන අමාරුවෙන් නැගිට්ටෙව්වා. තේ ඕනෙ කියලා ගෑනු කෙනා අමාරුවෙන් කිව්වම තේකක් ගේන්න යන්න හදද්දි එයාව නවත්තලා ලග තිබ්බ කඩේකින් Nescafe 2ක් දෙන්නටම ගෙනත් දුන්නා. ⁣එයාලට එක ලමයෙක් ඉන්නවා කියලා එයාගෙ විස්තර කිව්වත් මං ඒ දේවල් කියන්නෙ නෑ ඒ ලමයට හොද නැති නිසා. ඉන්නෙ කුලී කාමරයක නිසා ලැබෙන ගානෙන් කීයක් හරි ඒකට වෙන් කරනවා කිව්වා. හැම පෝයටම සිල් ගන්නවා කිව්වා නෝනත් එක්ක. දැන් පාරෙ හිටියට පිරිමි කෙනා හොදට ඉගෙනගෙන තියෙනවා භෂා 3කි කතා කරන්න පුලුවන් කියලා English වලින් හොදට නෝනගෙ ලෙඩේ විස්තර හෙදට කිව්වා.. මොනව කරන්නද මහත්තයො නෝනව තියලා එක මොහොතක් ඉන්න බෑ එහෙම ඉන්නෙත් නෑ ඒක නිසා මට මොනවත් කරන්නත් විදියක් නෑ ඒත් මේ මගේ Love එක නිසා මං බලාගන්නවා හැම දෙයක්ම මගේ අතින්ම කරනවා කිව්වම මාර දුක්ක දැනුනෙ.. ගොඩක් වෙලා කතා කරලා දැන් රෑට කන්නෙ කොහොමද ඇහුවම යන ගමන් මොනව හරි ගන්නවා කිව්වා. මං කඩේකින් එයාලා දෙන්නටම ඇති වෙන්න කෑම එකක් ගෙනත් දුන්නම එයා නෝන ලගට ගිහින් දීලා වදින්න කිව්වා. දගල දගල අත් දෙක එකතු කරලා වදින හැටි දැක්කම හිතට මාරම දුකක් දැ⁣නුනෙ. යන්න හදද්දි කිවවෙ අනේ මහත්තයො සල්ලි ඕන නෑ නෝනටයි මටයි කන්න දෙයක් හරි අදින්න ඇදුම් ටිකක් හරි ගෙනත් දෙන්න කියලා. මේ වගේ අය දැක්කම අහක බලන් යන්න එපා. තියෙන දේකින් පොඩි හරි දෙයක් කරල යන්න. ඒක ලොකු පිනක්. කවද හරි ගෙනියන්නෙ තමන් කරපු පිං පව් විතරයි. හැමදාම දවසකට පොඩි හරි පිනක් කරන්න. ඒක ගොඩක් වටිනවා. හිතටත් ලොකු සතුටක්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!