Gossip

Huawei ජංගම දුරකතනවලින් Facebook පහසුකම ඉවත් වෙයි?

අලුතින් නිෂ්පාදනය කරන Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නමුත් එම තීරණය ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැහැ.

අමෙරිකානු රජය විසින් Huawei සමාගම සඳහා පනවන ලද සම්බාධක අනුව පසුගියදා ගුගල් සමාගම ද Huawei ජංගම දුරකතනවලින් සිය යෙදවුම අවහිර කිරීමට පියවර ගැනීමත් සමග ෆේස්බුක් සමාගමද මෙම පියවර ගෙන ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.‍

Google සේවා අවහිර කිරීම සම්බන්ධයෙන් Huawei සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ගෝලීයව සියලු පරිශිලකයන් සදහා ඉතා හොඳ අත්දැකිමක් ලබා දිම සදහා ඉදිරියේදි හුවාවේ සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරනු ලබන බවයි.

එසේම ශ්‍රි ලංකා වෙළදපල තුළ දැනට පවතින හුවාවේ ස්මාර්ට් ජංගම දුරකථන සදහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවද Huawei සමාගම නිවේදනය කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!