Gossip

සතුට දරාගන්න බැරිව හිරුණිකා ගොඩක්‌ ඇඬුවා -මම කොහොමටත් නිදිමරලා පුරුදු කෙනෙක්‌ නෙමෙයි – හිරාන් යට්ටෝවිට

හිරාන් දැන් තාත්තා කෙනෙක්‌ ?

ඇත්තටම සතුටුයි.

ඉස්‌සරවගේ නෙමෙයි. දැන් වගකීම් වැඩිවුණා ?

ඔව්. වගකීම් වැඩිවුණා. ඒ වගේම මේක සුන්දර අත්දැකීමක්‌. මගේ යාළුවෝ මට කලින් තාත්තලා වුණා. ඔවුන් මට ඒ ගැන කිව්වාට තේරුණේ නැහැ. මම ඒක අත්විඳලා තමයි දැනගත්තේ. මට කොච්චර සතුටක්‌ දැනෙනවාද?. වගකීම් වැඩිවුණා. අපි මුලින්ම දරුවාට ආදර්ශයක්‌ විදිහට ජීවත්වෙන්න ඕනෑ.

පුතාව අතට ගත්ත ගමන් හිරුණිකා මොනවාද කිව්වේ ?

මමත් තියටර් එකේ හිටියා. ඒ වෙලාවේ සතුට දරාගන්න බැරිව හිරුණිකා ගොඩක්‌ ඇඬුවා. ඒ වගේම මටත් එදා හරිම සතුටු දවසක්‌. මව් පදවිය කියන්නේ ලෝකයේ උතුම් පදවියනේ. මොනදේ තිබුණත් වැඩක්‌ නැහැ මව්පදවිය නැතිව. ඇත්තටම හිරුණිකා හරි වාසනාවන්තයි.

හිරාන් කැමැත්තෙන් හිටියේ පුතෙකුටද?. දුවෙකුටද?

මම කැමැත්තෙන් හිටියේ දුවෙක්‌ට.

එතකොට හිරුණිකා ?

හිරුණිකා නම් පුතෙක්‌ට තමයි කැමැත්තෙන් හිටියේ. කොහොමත් අපි බබාව ලැබෙන්න කලින් දැනගන්නා පුතෙක්‌ තමයි හම්බවෙන්නේ කියලා. අපේ අයියාටත් දුවලා දෙන්නෙක්‌ ඉන්නේ.

ගෙදරින් අලුත් අමුත්තාව පිළිගන්නේ කොහොමද?

ඉතාමත් හොඳට පිළිගන්නවා. විශේෂයෙන් මගේ නෑදෑයන් සහ හිරුණිකාගේ නෑදෑයන්ගෙන් ලොකු සහයෝගයක්‌ ලැබෙනවා.

හිරාන් මේ දවස්‌වල හරියට නිදිමරනවා කියලයි ආරංචිය ?

මම කොහොමටත් නිදිමරලා පුරුදු කෙනෙක්‌ නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳට නිදාගන්න කැමැති චරිතයක්‌. මුල් දවස්‌වල ටිකක්‌ නිදිමරන වැඩේ අමාරුවුණා. හැබැයි දැන් ටිකටික පුරුදුවේගෙන එනවා.

පුතාට තවම නමක්‌ දැම්මේ නැතිද?

තවම නමක්‌නම් දැම්මේ නැහැ. අපි ඉතිං වෙලාවක්‌ බලලා තමයි ඒ දේවල් කරන්න ඕනෑ. මම වැඩිය වෙලාවල් විශ්වාස කරන චරිතයක්‌ නෙමෙයි. නමුත් හොඳ විදිහට ඒ දේවල් කරන්න එපායෑ.

ක්‍ෂේත්‍රයේ අය හිරාන්ට සුභ පැතුවේ නැතිද?

අපි කාටවත් කිව්වේ නැහැ. නමුත් මම මුහුණුපොත් පළකරලා තිබුණ පින්තූරයට ගොඩක්‌ දෙනෙක්‌ සුභපැතුවා. මගේ දුරකථන අංකයක්‌ වෙනස්‌වුණ හින්දා ගොඩක්‌ අයට කතා කරන්න බැරිවුණා. මගේ ළඟින්ම ඇසුරුකරන අය නම් සුභපැතුවා.

වගකීම් වැඩිවුණ හින්දා දැන් ඉස්‌සර වගේ රඟපෑම් කටයුතුවලට දායකවෙන්න බැරිවෙයි නේද?

ඇත්තම කතාව කිව්වොත් විවාහ වෙලා අවුරුද්දක්‌ විතර යනකම් කිසිම කලා කටයුත්තකට හෝ නිරූපණ කටයුත්තකට සහභාගි වුණේ නැහැ. වැඩිපුර හිත යොමුකළේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට. මොකද අනාගතය සාර්ථක කරගැනීමට ව්‍යාපාර කටයුතු දියුණුකරගන්න එපායෑ. ඉදිරියේදී බලමු නේද?. දැන් කොහොමත් ජීවිතයේ වගකීම් වැඩිවුණා.

පසුගිය දවස්‌වල නිර්මාණ දෙකකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. හොඳ ආරාධනා දෙකක්‌ ලැබුණා. නමුත් මේ වගකීම් එකක්‌ තවම නිර්මාණයකට දායකවෙන්න අමාරුයි.

නිරූපණයෙන් සහ කලාවෙන් ඈත්වෙන්නද සූදානම ?

නැහැ. එහෙම අදහසක්‌ නැහැ. මගෙත් ආසාවක්‌ තියෙනවා රංගනයට එන්න. නිරූපණයට නම් දැන් මම ටිකක්‌ වයසයි. ලංකාවේ අවුරුදු තිහ විතර වෙනකොට නිරූපණයෙන් ඉවත්වෙනවා. ඉතිං මම බැලුවේ ආපහු ඇඟ හදාගෙන රංගනයට යොමුවෙන්න. ඒත් අවුරුද්දකට එක නිර්මාණයක්‌ තමයි භාරගන්නේ.

පුතාගේ වැඩකටයුතු හිරාන් – හිරුණිකා අතින්ද සිදුවෙන්නේ ?

ඔව්. අපි දෙන්නා අතින් තමයි සියල්ල සිදුවෙන්නේ. මම එදා ඉඳන් කිව්වේ හිරුණිකා දේශපාලනයට සම්බන්ධ වුණත් මට ඕනෑවුණේ ලංකාවේ ජීවත්වෙන සාමාන්‍ය පවුලක්‌ විදිහට ජීවත්වෙන්න.

ඔබ දායකවුණ චිත්‍රපටවලට මොකද වුණේ ?

මම දායකවුණ චිත්‍රපට දෙකක්‌ තිරගතවෙන්න තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගතවේවි කියලා විශ්වාස කරනවා. මම කොහොමත් කැමැති සිනමාවට.

පසුගිය කාලේ ඔබලාට හරියට මඩගැසීම් පවා සිදුවුණා නේද?

කට්‌ටිය කිව්වා කොලොන්නාවේ කුණු කන්දෙන් අසරණ වුණ ජනතාව බලන්න ආවේ නැහැ කියලා. ඇත්තටම කිව්වොත් හිරුණිකාගේ ආසනය නෙමෙයි කොලොන්නාව කියන්නේ. හිරුණිකාගේ තාත්තාගේ ආසනය තමයි කොලොන්නාව. මිනිස්‌සු තවමත් හිතාගෙන ඉන්නවා හිරුණිකාගේ ආසනය කොලොන්නාව කියලා. මාධ්‍යයට නොකිව්වාට අපි මිනිස්‌සුන්ට ගොඩක්‌ උදව් කළා. ඒ වෙලාවේ හිරුණිකා ගර්භණී මවක්‌ වෙලා හිටියේ. එතකොට කුණුකන්දක්‌ බලන්න යන්න බැහැනේ. අපි මෙච්චරකල් කටවහගෙන හිටියේ ඕක කියන්න බැරි හින්දා. දැන් අපිට කියන්න පුළුවන් මේ හින්දා තමයි එන්න බැරිවුණේ කියලා. හැබැයි හිරුණිකා මාධ්‍ය ඉදිරියට ආවේ නැතිවුණාට සෑහෙන මිනිස්‌සුන්ට උදව්කළා. පුළුවන් හැමවෙලාවේම හිරුණිකා මිනිස්‌සුන්ට උදව්කළා.

මව් පදවියත් එක්‌ක හිරුණිකා කොච්චර කාලයක්‌ දේශපාලනයෙන් ඈත්වෙලා ඉඳිවීද?

සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක්‌ වගේ මාස තුනක්‌ තමයි ඈත්වෙලා ඉන්න වෙන්නේ. ඒත් කාර්යාලයේ වැඩවලට දැනට ලේකම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා. ඔවුන් සමග මාත් එකතුවෙලා තිබුණ වැඩ කොටස්‌ ඉවර කරනවා. ඇය නැතිව තවම අලුත් වැඩක්‌ පටන්ගන්න බැහැ. ක්‍රියාකාරී දේශපාලනයට ඇය මාස තුනකින් ඒවි. එතකොට මට බබා බලාගන්න වේවි.

හිරුණිකාට දේශපාලනය කරන්න හිරාන්ට පුතාව බලාගන්න වේවි?

වැඩිපුර සහයෝගයක්‌ මට ලබාදෙන්න වේවි. මගේ කලාකටයුතුවලට වඩා ඇයගේ දේශපාලන කටයුතුවලට මම මූලිකත්වය ලබාදෙනවා. ඒ වගේම අපේ පවුල් දෙකේම වැඩිහිටියන් උදව් කරන්න බලාගෙන ඉන්නේ.

උපුටා ගැනීමකි – සටහන දිනේෂ් විතාන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!