Gossip

මතට සමතැන ඕන කියලා මත්පැන් බොන්න ඉල්ලූ සමනලීට, තරුණියක් අමතක නොවන කනේ පහරක් ගසයි – Exclusive

මිනිස්සු අද ජීවත් වෙන මොන තරම්නම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවද..?
තුන්වේල කන්න තරම්වත් ආර්ථිකයක් නැති සමහර මිනිස්සු එක වේලක් කාලා තමන්ගේ කුස පුරවගන්නවා.
ඒ වගේ සමාජයක් නිර්මාණය වෙලා තියෙද්දි, දහසකුත් ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න තියෙද්දි කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කරන්නත්, මත්පැන් මිලදී ගන්නත් තිබූ තහනම ඉවත් කිරීම ගැන රටේ ලොකු කතාබහක් ඇතිවුණා.
සමහරු කිව්වේ මේවද රටේ තියෙන ප්‍රශ්න කියලා.
තවත් සමහරු කාන්තාවට සම තැන ලැබුණා කියලා සතුටුවුණා.
ඒත් අපේ සංස්කෘතියට මේ දේවල් නොගැලපෙන නිසා ඒ තීරණය වහාම අත්හිටුවන්න ජනාධිපතිතුමා පියවර ගත්තා.
හැබැයි ඒකටත් විරුද්ධව කතාකරපු පිරිසක් හිටියා.

ජනාධිපතිතුමාගේ ඒ තීරණය අභියෝගයට ලක්කරමින් සමනලී ෆොන්සේකා තවත් කාන්තාවන් පිරිසක් එක්ක ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.

ඇත්තටම අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක මේ දේවල් කාන්තාවකට ගැලපෙනවද..?
ඒ ගැන ලොකු මතයක් රටේ ගොඩනැගෙමින් තියෙනවා කියලා දැන් කවුරුත් දන්නවා.
ඉතිං එවන් පසුබිමක තරුණියක් සිය මුහුණුපොතේ දැමූ අපූරු සටහනක් අපිට හමුවුණා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින හිමාෂි සමරක්කොඩි නම් තරුණිය සිතන්නට යමක් ඉතිරි කරමින් තැබූ අපූරු සටහනයි මේ..

ආදරයේ උල්පත වූ ඇගේ සෙනෙහස ” නිවසේ බුදුන්” ලෙස ගෞරවාදරයට අපේ සංස්කෘතිය තුළ පත්වන්නේ අම්මාය.
සමාජයේ කාන්තාවක් වීම නිසා හිමිවන උසස්ම පදවිය මාතෘත්වයයි.
එක් අතකින් එසේ සිදුවන විට තවත් පසෙකින් කාන්තාවක් වීම නිසාම සමාජයෙන් විවිධ තාඩන පීඩන වලට මුහුණ දෙන්නේ ඇයයි.
විටෙක කාන්තාවගේ ජීවිතය කැපකිරීමක් යැයි සිතෙන තැනට පත් වන්නේ ද එම නිසාය.
පීතෘමූලික සමාජයක් තුළ පිරිමියා නිර්මාණය කරදුන් ජීවන රටාවක ආසියාතික කාන්තාව වෙනුවෙන් ඇගේ අයිතීන් ඉදිරියේ බොහෝ රාජ්‍ය නායකයින්, කාන්තා සංවිධාන් පිරිමියා සහ සමස්ථානයක් ලබා දීමට ලෝකය මෙන්ම ලාංකික පුරවැසියන් කතිකා කරති.
එහි වර්තමාන අවස්ථාව නම් ” මත්පැන් අළෙවි කිරීම සහ නිෂ්පාදනය කරන ස්ථාන ආශ්‍රිතව රැකියා කිරීම සඳහා කාන්තාවන්ට අවස්ථාව ලබා දීම, වයස අවුරුදු දහ අටට වැඩි ස්ත්‍රීන්ට මිලදී ගැනීමට ඉඩ ලබා දීම” මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය දින කීපයකට පෙර ගැසට් කිරීමත් ඉන් දින කීපයකට පසුව එය අහෝසි කිරීමට ජනාධිපතිතුමන් විසින් තීරණය කිරීමකි.
ඉතිහාසයේ සිටම අනගාරික ධර්මපාලයන් වැනි උත්තමයන්ගේද සාමාන්‍ය ජනතාවගේ මෙන්ම මත් ද්‍රව්‍ය වලට විශාල විරෝධයක් ලංකාව තුළ තිබූ බව නොරහසකි.
පෘතුගීසීන් ලංකාවට වූ සංක්‍රමණයත් එක්ක සිංහලයන් ලේ බොන යක්ෂයන් ලෙස මත්පැන් පානය කරන්නන් දුටු සේම එදා සිට අද දක්වා සමාජයට පිළිකාවකි.
තම ස්වාමියාගේ බේබදුකම නිසා ගුටි බැට කන රාත්‍රියේ තම නිවසේ නින්දට යාමට නිදහසක් නැති ආත්ම තෘප්තියක් නැති මැරි මැරි උපදින කාන්තාවන් සිටිති.
තම පියාගේ බීමත්කම නිසා දුක් විදින නින්දා අපහස විදීම අදටත් නැවතී නැත. මත්පැන් වීදුරුව නිසා තම ජීවිත පහනේ දැල්ල නිවී ගිය පවුල් කීයක්නම් තිබේද?
ඇය සාම්ප්‍රදායික වැට කඩුළු බිද දමා මුළුතැන්ගෙයින් ආර්ථික තරඟයේ ඉදිරියටම පැමිණ ඇති වකවානුවක විධායකය (මෙරට ජනාධිපතිනිය) පවා ස්පර්ශ කළ රටක ඇයට නිදහසේ හුස්ම ගැනීමට අයිතියක් ඇත්ද?
මහ දහවලේ බස් රථයේදී, දුම්රිය පෙට්ටියේදී ඇගේ ස්ත්‍රීත්වය ලිංගිකත්වය නම් වූ තැටියේ පූජා වන්නේ කාමාතුරයන්ගේ ශරීර ස්පර්ශයටයි.
පාසල් යන දැරියන් , බිළිදියන් අපයෝජනයට ලක් වන්නේ එක් ඇස් පිය හෙළන තත්පරයකදීය.
සේයා සදෙව්මිණී ,විද්‍යා යන දැරිවියන් පිපෙන්නට කළින් ස්පර්ශ කර තළාපෙළා දමන රටක කාන්තා විමුක්තිය මත් වීදුරුවද?
තවත් විටෙක පාලකයා කාන්තාවට මත්වීදුරුවෙන් අයිතීන් ලබා දෙන්නේ ඇයට සිතැගි ඇදුමක් ඇද පාරේ ගමන් කරන වරදින් ඇයව දූෂණය වන දඩුවමට මුළු ජීවිත කාලයටම හොද සිහියෙන් දුක් විදිනවාට වඩා මත් වී ඒ ජීවිතය අමතක කර දැමීමට විය හැකිය.
නැතහොත් පාලක පන්තියේ කාම ආශාවන් මත් වූවන්ගෙන් සිතැගි පරිදි සපුරා ගැනීම විය හැකිය. එසේම වෙනදා වෙළදපොළට යන කාන්තාව බාර් වෙළදවෙළදසැලට යවා පිරිමියාගේ දස වද ඉවසා දරුවන් තුරුළු කරගෙන මුළු පවුලේම බර කරට ගන්නා ඇයටත් බීමට පුරුදු කිරීමෙන් දරුවන් සහ ස්වාමියාගේ මත තුළින් විනෝද වීමට අවස්ථාව සළසා දීමට විය හැකිය.
පිරිමියා සහ සමව අධ්‍යාපනයේදී, ක්‍රීඩාවේදී, වෘතියේදී, දේශපාලනයේදී මේ සමාජීය ,ආර්ථිකමය ,මානසික සහ පාරිසරික ක්‍රියාවන්හි ඇය ගැටෙන බව සත්‍යයකි.
නමුත් ස්වාභවධර්මයා ලෝකයාට මැව්වේ ඇය ස්ත්‍රියක් ඔහු පුරුෂයෙක් ලෙසිනි.එක් සත්ත්ව කොට්ට්ටාසයක් මවා ඔවුන්ගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කර තම වර්ගයා බෝ කිරීමට මැවුනේ නම් සමානාත්මතාවය කතා කිරීමට පුළුවනි.
කායික ,මානසික මෙන්ම ජීව විද්‍යාතමක කාරණා දෙකකට මැවූ මොවුන් එක් තැනක සිට සමාන කර දැමීම බුද්ධිමත්ද?
කාන්තාවක් වන මමත් කාන්තාවක්නම් ඔබත් පළමුව කාන්තාවක් විය යුතුනොවේද? කාන්තාවක් වීම යනු මුළුතැන්ගෙයි සිට ජීවිත කාලයම එක් තැනක පල්වී යාම නොව මා දකින්නේ ඇය දියණියක්, සොහොයුරියක්, පෙම්වතියක්,යෙහෙළියක්,බිරිදක්, මවක් සහ මිත්තනියක් වී සමාජ වේදිකාවේ චරිතාංග නිළියක් වියයුතුය.
රැකියාවට යන පියා නිසා මව ගොඩනගාගත් පවුල තුළ පියා මදුවිත රස බැලුවේ වෙහෙස නිවාගැනීමටය.
ඔහුත් සමඟ හෙට දිනයේ ඇයත් මත් වීදුරුව අතට ගැනීම හරහා තොටිල්ල නලවන සෙනෙහසේ දාමයේ ශක්තිමත් පුරුක කඩා දැමීමක් නොවේද? දැනටමත් සියයට දෙකකට පමණ කාන්තවන් මේ මත්පැන් වීදුරුවට ලොල් වී ඇත. තම ශරීර හැඩය නිසා මව් කිරි නොදෙන මවට හෙට දිනයේ මත් බෝතලයක් ලබා දීමට පෙළඹවීමක් ද?
රාත්‍රියේදී මදුවිත නිසා ස්වාමියාගේ මිතුරාත් සමඟ ඇයත්, මිතුරිය සමඟ ඔහුත් කාම සෙල්ලමේ බැදීම් අතර විහුලුවක් ආරම්භයේ අවසනයේ තම දියණිය පියා අතින් දූෂණය වන රටක දරුවන් දෙමව්පියන්ගේ බැදීම් අතරට යුරෝපීය බැදීම් වල සංස්කෘතිය ගෙන ඒමකි.
තම දරුවන්ව පෝෂණය කිරීමට ඇයට ස්වයංපෝෂිත මුළුතැන් ගෙයක් තවමත් නැත.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින ,අඩුබර උපත් ඇති දරුවන් , ගර්භණී කාන්තාවගේ පෝෂණයේ ඌණතාවට “ත්‍රී පෝෂ” ලබා දෙන රටක අවශ්‍ය වන්නේ ඇගේ,පවුලේ පෝෂනයට ආර්ථික ශක්තියයි.රාත්‍රියේ පමණක් නොව දහවලේද ඇගේ ගමනාන්තය නිදහසේ අවසන් කිරීමටයි. තනිවන නිවහනේ ආරක්ෂාකරී සමාජයක හුස්ම ගැනීමේ නිදහසකි.
ඇගේ සුන්දරත්වයට, රූපයට, ශරීරයට සිතැගි ඇදුමක ආශ්වාදය විදීමටය. ඇය මළ දවසට ඇගේ දියණියට ආගන්තුක ස්මාජයෙන් පමණක් නොව පියාගෙන් ද සුරක්ෂිත හෙට දවසකි.
ස්වාමියා මිය ගිය කළ වැන්දඹුවක්, දරුවන් මිය ගිය කළ වද ස්ත්‍රියක් වන ආත්ම ගෞරවය වෙන්දේසි කර ජීවිතය කම්පා කරවන වේදනාවක් නොව සැනසීමකි. පවුල් ජීවිතය විදීමට සවිබලගැන්වීමකි. විනාශ වන පවුල සමාජ වෘක්ෂයේ ශක්තිමත් මූලය විනාශ කිරීමෙන් මාතෘත්වය සෙල්ලමක් වී සංස්කෘතිය විනාශ වන තැනක යශෝදරාව කොහේද?
පාලකයන්ට නොපෙනෙන ඇගේ අවශ්‍යතාවයන්ට වඩා ජීවත් වීමේ අයිතියද ඇයට අහිමි සමාජයක සමානාත්මතාවය ඇගේ දෑතට මත් වීදුරුවේ නිදහස ද?

සමනලී ෆොන්සකා රංගන ශිල්පිනියට, ඇය වටා සිටිනා කාන්තා අයිතීන් වෙනුවෙන් හඩ නගන අයට, පාලකයන්ට නොපෙනෙන ඇගේ අවශ්‍යතාවයන්ට වඩා ජීවත් වීමේ අයිතියද ඇයට අහිමි සමාජයක සමානාත්මතාවය ඇගේ දෑතට මත් වීදුරුවේ නිදහස ද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!