Gossip News

හෙරොයින් ජාවාරමේ යෙදුණු අම්මයි පුතයි

හෙරොයින් මත්කුඩු  සමඟ මවක් සහ පුතෙකු අත්අඩංගුවට ගත් බව අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් මව වයස අවුරුදු 63 ක්  වන අතර ඇය ගේ පුතා 21 ක් වන වියේ පසුවන තරුණයෙක් බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

වැලිපැන්න පොලිස් වසමේ  බොන්දුපිටිය ,මුදලිගම ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සතුව හෙරොයින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 30 ක්ද ඇයගේ  පුතා සන්තකයේ තිබී හෙරොයින්  ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 480 ක් සොයා ගත් බව කඳවුරු භාර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක  ඩබ්ලිව් ජි එස් ගයප්‍රික මහතා පැවසීය.

විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව  විශේෂ කාර්ය  බලකායේ අණ දෙන නිලධාරි සහ කලාප අණදෙන නිලධාරී වරයාගේ උපදෙස් මත  මෙම වැටලීම සිදුකර ඇත.

මෙම පවුලේ වැඩිමහල් පුත්‍රයා ද හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට  ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත වී සිටින බව පොලිසිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!