Gallery

 ඕන වෙලේට ආදරය කරන්න, එපා වෙලාවට මඩ ගහලා විනාශ කරන්න තරම් පහත් මිනිහෙක් නෙවේ මම.. හර්ෂණ ප්‍රථම වතාවට දික්කසාදය පිළිබඳව මාධ්‍යට කතා කරයි..

ලංකාවේ කලා කරුවන් අතරින් කැපී පෙනෙන සහ ආදරණීයම යුවලක් ලෙස කා අතරත් ප්‍රසිද්ධ වොල්ගා සහ හර්ෂණගේ විවාහ ජීවිතය දෙදරා ගියා කියලා පසුගිය කාලයේ එක එක කතන්දර එහෙන් මෙහෙන් ඇහෙන්න ලැබුණා. මේ වෙනකොට හර්ෂණ තමන් දික්කසාද වුණා කියලා මාධ්‍යට අදහස් දක්වලා තියෙනවා. ඔීනම කෙනෙක්ට ජීවිතයට කාලයෙන් කාලයට ප්‍රශ්ණ එනවා. ඔහුටත් වොල්ගාටත් ඒ විදියේ පුංචි පුංචි ප්‍රශ්ණ ඇති වුණ නිසා ඒ ප්‍රශ්ණ දුරදිග යන්න නොදී දෙන්නම කතා වෙලා මේ තීරණේ ගත්තා කියලා තමා ඔහු කියන්නේ.මාධ්‍ය හරහා ප්‍රචාරය වුණ කටකතා වලටනම් ඔහු උත්තර බඳින්න යන්නේ නෑලු. මොකද තමන් ආදරය කරපු කෙනාට මඩ ගහන්න තරම් පහත් මිනිහෙක් නෙවෙයි කියලා තමා ඔහු කියන්නේ.ඔහුගේ පෞද්ගලික දේවල් කොහොමත් ම ලෝකයා එක්ක බෙදාගන්න යන්නෑ වගේම පෞද්ගලික ජීවිතය කලාවට ගාවගන්නෙත් නැහැලු. තවදුරටත් ඔහු කියා තිබෙනවා තවත් ආදරයක බැඳෙන්නෑ කියලා මොකද රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඔහුට බැහැලු .

හර්ෂණ මේ විදියට මාධ්‍යට තමන් දික්කසාද බව කිව්වට වොල්ගා නම් එහෙම කතාවක් කියන්නේ නැහැ. ඇය එයට උත්තර දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඇය කියන්නේ ඒකට උත්තර හර්ෂණගෙන්ම අහගන් කියලා තමයි. අන්තර්ජාලය හරහා පැතිරුණ කටකතා වලට එවා පතුරවපු අයම වග කියන්න කියලා තමා වොල්ගා කියන්නේ. කොහොමත් දැන්ම මේ ප්‍රශ්ණ වලට උත්තර දෙක එක වොල්ගා තරයේම ප්‍රත්ක්ෂේප කරනවා. ඇය තවදුරටත් කියන්නේ කතා කරන්න කාලේ ආව දවසට ඇය හැමෝගෙම ප්‍රශ්ණ වලට උත්තර දෙනවා කියලා තමයි. කොහොම වුණත් මොන ප්‍රශ්ණේ ආවත් වොල්ගා සතුටින් තමන්ගේ නිර්මාණ කටයුතු කරගන යනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!