Gossip

කවදා කොතැනක ඉඳන් වොල්ගාට මං ‘මැණික’ කියන්න හුරු වුණාද කියලා නම් මතක නැහැ

හර්ෂණ බෙත්මගේ කියන්නේ කලක් තිස්සේ සෙමෙන් සෙමෙන් රංගන කලා ලොව දිගු ගමනක යෙදෙන තරුණයෙක්.
කලා පවුලකින් හෝ එවන් වටපිටාවකින් තමන් පැවත නොඑන බව කියනා හර්ෂණ ඔහුගේ පවුලෙන් රංගනයට පිවිසි එකම එක තැනැත්තා තමන් බවටත් හඳුන්වා දෙනවා.
රංගන ලෝකයේදීම එකට හමු වී දෑත් එකට බැඳී දැන් හර්ෂණගේ ජීවන සහකාරියව සිටින්නේ වොල්ගා.
මේ ඔවුන් ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු සටහනක්.

හර්ෂණ වොල්ගා ප්‍රේම කතාවෙන්ම අපි කතාව පටන් ගමුද..?
අපි කාලෙක ඉඳන් හොඳ මිත්‍රයෝ. අපි මිතුරුකමින් බැඳී සිටිය ඒ කාලය අවුරුදු 17 ක්. පුංචි ළමයි විදියට ‘අතුරු මිතුරු’ ‘පුංචි සිහින’ වගේ ළමා වැඩසටහන්වලට ඉදිරිපත් වෙච්ච ළමා කාලයක් අපිට තියෙනවා.
අනෙක මං ජීවිතේ හුඟක් දේවල් ඉගෙන ගත්තේත් අද ඉගෙන ගනිමින් ඉන්නේත් මිතුරු ඇසුරින්. හොඳයි කියන සමාජ සම්මතයෙන් එපිට සමාජයේ විවිධ අහුමුලුවලින් මගේ මිතුරු ඇසුර දුර දිග ගිහින් තියෙනවා. ඒත් ඒ කිසි දේකින් මට අවැඩක් වෙලා නැහැ. රංගන ශිල්පියෙක් විදියට සමාජ ආශ්‍රයේ මං සැරිසැරූ හතර කොන්වලින්ම මං උකහා ගත්ත දේවල් සුළුපටු නැහැ.

උකහා ගත්ත ඒ දෙයට අමතරව ඔබ අයිති කර ගත්ත මැණිකක් නිසා ආඩම්බර වන කෙනෙක් කියලාත් ආරංචියි?
ඒ පැනයෙන් නම් වඩාත් උද්දාමනයට පත්වන්නේ හර්ෂණට තුරුලු වෙච්ච වොල්ගා. මොහොතක් මඳ සිනහ ඇතිව දෑසට දෑස බලා උන්නු ඔවුන්ගෙන් මුලින්ම හඬ අවදි කළේත් හර්ෂණමයි.
හුඟක් කල් කියලා නම් ස්ථිරවම කියත හැකි. ඒත් කවදා කොතැනක ඉඳන් වොල්ගාට මං ‘මැණික’ කියන්න හුරු වුණාද කියලා නම් මතක නැහැ . . .’ ඉතින් එතෙකින් වොල්ගාට තවත් මුනිවත රකින්නට ඉඩ නෑරිය යුතුය, සිතිවිල්ලෙන් අපි දැන් හැරෙන්නේ ඈ දිහාවට.

වොල්ගා ඔබ හර්ෂණ තරම් කතාවට බර නැති හැඩයි. ඒත් ඔබත් දැන් කලා ලෝකේ බොහෝ දුරක් පැමිණ හමාරයි. ඔබ ටෙලි සම්මාන සඳහාත් නිර්දේශිතව සිටි නිළියක්. මතක් කරමුකෝ ඒ මතක?
අඟුරු සිත්තම් ටෙලිය අමතක කරන්නම බැහැ. අධ්‍යක්ෂවරයාම ඒ ටෙලියේ රඟපාන්න කලින්ම අනාවැකියක් කිව්වා. ඒ ලන්ඩන් මොනිකා චරිතෙට පේ‍්‍රක්ෂකයන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙයි, ඒවා ඉවසා දරාගන්න පුරුදු වෙන්න කියලා. ඒ කිව්ව විදියටම වුණා. මඟ තොට යන එනකොටත් හමුවෙච්ච සමහරු ඒ චරිතේ දොස් දැකලා මට මූණටම බැන්න අවස්ථා තියෙනවා. කොළඹ අහසේ – චතුරි, මුතුපළස ටෙලි නාට්‍යයේ කළ චරිතය එහෙමත් මට තවත් අමතක නොවෙන මතකමයි.
අඟුරු සිත්තම් ලොකේෂන්නෙකේදී ෂූටිං ඉවරවෙලා පැය 2 – 3 ක් විතර යනකල් සැබෑ ලෝකෙට එන්න අමාරු තරමට මං ඒ චරිතෙට ආවේශ වෙලා හිටි අවස්ථා තියෙනවා.

හර්ෂණ වොල්ගා දෙදෙනාම දැන් ආපිට සුපෙම්වතුන් විදියට රඟනවා. ඒ දිගු කාලයකට පස්සේ. ඒ විතරක් නෙවෙයි ඔබ දෙදෙනාම ජිවිතයත් මරණයත් අතර සටනකින් යන්තමින් පණ බේරාගත් නළු නිළි යුවළක්?
අපි දෙන්නට දෙන්නාම මෑතකදී ඩෙංගු උවදුරේ භයානකම අත්දැක්කා. වෛද්‍යවරන්ගේ කැපවීමත්, මවුපියන්ගේ හවු හරණත් නිසා අපිට නැවත ජීවිතේ ලැබුණා. ඒ වෙලාවේ අපේ සුවදුක් සොයා බැලුව ලක්ෂිත, විදුර ළඟම මිතුරන්ටත් කලා ලෝකේ සියල්ලන්ටමත් අපි ස්තුති කරනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාගේ හිරු වියන ටෙලි නාට්‍යය මේ දිනවල රූගත කෙරෙනවා. ඒ ටෙලියේ වොල්ගායි මමයි ආදරවන්තයන්. ඒ වගේමයි වසන්ත ඥානප්‍රිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ගයා රම්‍ය අල්විස්, සනත් ගුණතිලක වගේ අපි දෙන්නාගේ දියුණුව ප්‍රාර්ථනා කරන අපට නිතර අත හිත දෙන පිරිසකගේ ආශිර්වාදයත් අපට නිරතුරුවම තියෙනවා. ඒ බවත් මතක් නොකරම බැහැ.

ඒත් කුසුම්රේණු පැළැඳි රන් මුදවකුත් දැන් වොල්ගාගේ අතේනේ. මොකක් හරි විශේෂතාවක් තියෙනවා වගේ?
ආ . . . (වොල්ගා හිනැහී) කුසුම් අක්කයි ශ්‍රියන්ත අයියයි අපි දෙන්නට එයාලගෙම සහෝදර සහෝදරියන්ට වගේ ආදරෙයි.
ඉතින් මං හර්ෂණගේ අත ගන්නා දවසේදියි කුසුම් අක්කා තිස් අවුරද්දක් තිස්සේ පැළඳ ගෙන හිටිය ‘ගාඩ් රින්ග්’ එකක් මට තෑගි කළේ. ඒ මුද්ද මමත් දැන් නිතරම පළඳිනවා.
මට ඒ මුද්ද පළඳවලා කුසුම් අක්කා මට කිව්වේ, තිස් අවුරුද්දක් තිස්සේ මගේ විවාහ ජීවිතය ආරක්ෂා වුණා වගේ හැමදාටමත් ඔයාගේ විවාහ ජීවිතයත් ආරක්ෂා වෙලා, සාර්ථක වෙන්න කියලා.

හර්ෂණත් දැන් සිනමාවට පිවිස සිටින්නේ. ඒ කුලුඳුල් අත්දැකීමේ වේදනාබර කඩඉමකුත් තිබුණා කියලා ආරංචියි?
අර්ජුන් කමලනාත්ගේ ‘කුණාටුවේ මාරයා’ සුරංග අල්විස්ග් ‘කිඩ්නැප්’ චිත්‍රපටවල මං රඟපෑවා. කිඩ්නැප් චිත්‍රපටයේ අන්තිම හරියේදී මමයි ධනංජය සිරිවර්ධනයි එකට හිටිය සටන් ජවනිකාවක් තිබුණා. එතැනදි ‘කික්’ එකක් කරන්න ගිහින් සැරයක් මාව උඩකින් ඇද වැටුණා. ඒ වැටුණු පාරට මගේ උරහිසක් වැදිලා ටික කාලයක් බේත් හේත් කරගන්නත් සිද්ධ වුණා.

ඒ කොහොම වුණත් වොල්ගා නම් කියන්නේ බැන්දට පස්සේ හර්ෂණට විරුද්ධ ලිංගික ආකර්ෂණය හුඟක් වැඩිවෙලා කියලයි. ඒත් ඔබත් ඔබට තවම නොලැබිච්ච චරිතයක් ලැබෙන තුරු බලා සිටින පුලන්නෙක්ද?
මං එහෙම නෑ. කොහොමටත් මං වීරයාට වඩා දුෂ්ටයාට රඟපාන්න කැමැති කෙනෙක්. ඒත් මං බාර ගන්නේ මට කරන්න දෙයක් තියෙන චරිතයක්මයි. සමහර ආරාධනා මං පිළි නොගන්නෙත් ඒ නිසයි.

ඒත් වොල්ගාට නම් එහෙම ආසාවක් තියෙනවා වගේ?
මං රාජ කුමාරිකාවකට රඟපාන්න ආසයි. තව එකක් තියෙනවා. ඒ මතට ඇබ්බැහි වෙච්ච කෙල්ලෙකුට රඟපාන්න.

හොඳයි දැන් අපි මේ පාරෙන් පිට පනිමු. ඔබේම අලුත් ව්‍යාපාරයට පිවිසෙමු?
ඒ අපේ ප්‍රොඩක්ෂන් හවුස් එක. වොලැන්රෝ කියලයි අපි නම් කළේ. තවත් එක ප්‍රොඩක්ෂන් හවුස් එකක් පටන් ගන්න නෙවෙයි. ඩිජිටල් මාර්කටින් අලුත් විදියකට පටන් ගන්නයි අපට ඕනෑ කළේ. ඉවෙන්ට් මැනේජ්මන්ට්, ටී. වි. කමර්ෂල්ස්, විෂුවල්ස් වගේ දේවල්වල කටයුතු තවදුරටත් අපහසු නොවෙන, පහසු මොඩර්න් දෙයක් කරන්නයි අපට ඕනෑ කරන්නේ. ඒ කටයුත්තට ඇමෙරිකාවේ පදිංචි අපේ මිත්‍ර විදුර ජයවර්ධනගෙන් අපට පූර්ණ සහයෝගය ලැබෙනවා.
ඉතින් අපි මේ තැනට එන්න වින්ඳ දුකේ තරම අති විශාලයි. නවකයකුට වුණත් ඒ බරින් තරමක්වත් අඩුවෙන තැනට වැඩක් කරන්න අපි දෙන්නාටම ලොකු වුවනාවක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!