Gossip

පුරුෂ ලිංගයක් එක්ක ඉපදිලා ස්ත්‍රී ලිංගයට පෙම්බැඳි තරුණිය අත්විඳි සියල්ල හෙළි කරයි – Photos

මේ ලෝකයේ පැවැත්ම වගේම ලෝකය ලස්සන කරන්නෙත් ගැහැණියක් කිව්වොත් ඒක වැරදි නැහැ.
ඒ වගේම නිසි තැන ගැහැණියට නොලැබීමෙන් ඇයට මුහුණදෙන්නට සිදුවන අසාධාරණකම්ද ඕනේ තරම්.
එවැනි සමජයක ගැහැණියක් වී ඉපදීම ඇතැමුන් ප්‍රතික්ෂේප කරද්දී තවත් සමහරුන් ඒ පිළිබදව සතුටු වෙනවා.
මේ කියන්නේ යන්නේ එවැනි තරුණියකගේ කතාවකුයි. ඇය නමින් සාරා ෂෙඛා. උපන්නේ ඉන්දියාවේ කේරළයේ.
විශේෂය වන්නේ කේරළයේ ප්‍රථම ලිංගික සංකාන්තිකයා ඇය වීමයි. දෙමාපියන් දාව උපදින පුතුට නම දාන්නේ නිශාන්ත කියලා.
අද ඔහු ඇය බවට පත් වෙලා. ඇය දැන් ඉන්දියාවේ තිබෙන ජනප්‍රිය ප්‍රධාන ආයතනයක මානව සම්පත් විධායක නිලධාරිණියක් විදිහට කටයුතු කරනවා.
ඉන්දියාවේ ප්‍රසිද්ධ සාරාගේ කතාව පරිවර්ථනය කර මෙසේ පළකරන්න හිතුවේ ඇයත් සමාජයෙන් බැට කෑ නමුත් ජීවිතය දිනාගත් යුවතියක් නිසයි.
“ටික ටික මගේ ශරීරය වැඩෙද්දී මට ගැහැණියක් වෙන්න ආසාවක් ආවා. තරුණියක් විදිහට අදින්න පළදින්න හැඩවැඩ වෙන්න මට අවශ්‍ය වුණා.
පාසලේදී මම නිතරම සමච්චලයට ලක් වුණා. බොහෝ අය මට විහිළු කරන්න පටන් ගත්තා.මම ගෑනියක් වගේ කියලා.මම පාසලේදී සෙල්ලම් කළේ ගැහැණු ළමයි එක්ක විතරයි.
පාසලේදී පමණක් නෙමෙයි සාරා ගෙදරිනුත් ප්‍රතික්ෂේප වෙන්න පටන් ගත්තා.
ඇගේ හැසිරීම් රටාව වෙනස් වෙන මුල් කාලේ ඇයගේ පියා පවුල් පසුබිම පැහැදිලි කර දුන්නා. පවුලට ලැජ්ජාවක් බව පුන පුනා කිව්වා. ඒත් සාරාට ඕන වුණ එකම හීනය ගැහැණියක් මෙන් ජිවත් වීමයි.
මම පාසලේදී හොදට ඉගෙන ගත්තා. පාසලෙන් ඉවත් වෙනකල්ම හොදම සිසුවා වුණා. මගේ හැසිරීම් සමබරව තියාගන්න කොපමණ උත්සහා කළත් මගේ වෙනස් වීම් අනිත් අය දැක්කා. එනිසා විහිළුවට ලක් වුණා.මම තරුණියන්ව අනුකරණය කළා.
ගෙදරදී පවා මම අම්මාගේ සාරි වලින් ඇදුම් හදා ගත්තා.
එහෙම කරේ ගෙදරට හොරෙන්. නමුත් තාත්තා දවසක් ඒවා දැකලා පිච්චුවා. මගේ ගැහැණු ඇදුම් සගවලා තිබුණු පෙට්ටිය කඩලා දැම්මා.අදටත් මට ඒවා මතකයි.
පිරිමියෙක් වෙලා ඉපදිලා ගැහැණියක් විදිහට සමාජයේ පෙනී ඉන්න එක කරුමයක්ද.
අපහසයක්ද. මම ඒ ගැන දන්නේ නැහැ.. අපේ පාසලේ ගුරුවරයෙක් ජානමය හා වර්ණදේහ ගැන පාඩමක් කියලා දෙනකොට මම දෙවන වසරේ හිටියේ. එදා මම ගෙදර ඇවිත් අන්තර්ජාලය හරහා පැය ගාණක් හොයලා බැලුවා. පිරිමියෙකුට ගැහැණියක් විදිහට පරිවර්ථනය වෙන්නේ කොහොමද කියලා. ඒ බව ගෙදරන් දැනගත්තාම මගේ පවුලේ අය මාත් එක්ක කතා කළේ නැහැ…”
ඒ විදිහට ජිවත් වුණු නිශාන්ත සාරා බවට පත් වෙන්නේ මිට වසර දෙකකට පෙරයි. නිශාන්ත සාරා ලෙස සමාජයේ පෙනී ඉන්න තීරණය කළේ බොරුවෙන් ජිවත් විය නොහැකි නිසයි. පවුලේ කිසිවෙක් නිශාන්තට තරුණියක් වෙන්නට උදව් නොකළ නිසා ඔහු ගෙදරින් පිට වෙනවා. ඒ ඇවිත් සාරා විදිහට පරිවර්ථනය වෙනවා. ඇයට සමාජයේ ගැහැණියක් විදිහට ඇදපැළද යන්න බියක් ඇති වෙනවා. මුලින්ම රැකියාවකට අයදුම් කරද්දී එහි පෙනී සිටින්න ඇය බිය වෙනවා. එනිසා ඇයට ලැබුණු බොහෝ රැකියා අවස්ථාවන් ඇය මග හරවා ගන්නවා.
“මම රැකියාවට තේරී පත් වෙනවා. එයට යද්දී මම බය වුණා. මගේ යාලුවෙක් කිව්වා බය නොවී යන්න කියලා. ඉන්දියාවේ පිළිගත් ආයතනයක මට රැකියාව ලැබෙන්නේ ඒ විදිහට. මුලදී මම ආයතනයේ කාන්තා වැසිකිළියට යන්න පවා බය වුණා. නමුත් මම ඒ හැම දෙකටම හුරු වුණා. මම මගේ ජිවිතේ ජයගත්තා. අනාගතය දැන් මට බයක් නැහැ. මම ආදරය කරන පෙම්වතෙක් මට ඉන්නවා. අපේ බැදීම ගොඩක් දුරදිග ගිය එකක්. ඒ නිසා ඔහුගේ ගෙදරට මාව හදුන්වා දෙනවා. මම හිතුවා ඔවුන් මාව ප්‍රතික්ෂේප කරයි කියලා. නමුත් මාව ආදරෙන් ඔවුන් පිළිගත්තා. දැන් මම ලෝකයෙන් ජයගන්න පුරුදු වෙමින් ඉන්නවා. අනාගත සුබ සිද්ධිය සදහා. සාරා ෂෙඛා කියන්නේ ඊජිප්තුවේ කුමාරිකාව කියන තේරුමයි. මමත් කුමාරිකාවක් විදිහට ජීවිතය ජය ගන්න උත්සහ ගන්නවා..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!